11. පාඩම් කලයුතු තැන

අධ්‍යාපනය ලබන ශිෂයෙකුට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නිශ්චිත ස්ථානයක් තිබිය යුතුය. නිවසේ වෙනම කාමරයක් මේ සඳහා තෝරාගත යුතුය. මෙම කාමරය තෝරාගත යුත්තේද නිවසේ සාමාජිකයන් නිතර නිතර නොඑන කාමරයක් විය යුතුය. කාමරයට හොඳින් වාතාශ්‍රය මෙන්ම ආලෝකයද ලැබිය යුතුය. ආලෝකය ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා හොඳ තත්වයේ විදුලි පහනක් භාවිතා කල යුතුවෙයි. මේ සඳහා සුදු ආලෝකය ලබාදෙන CFL පහන් වඩා සුදුසු වෙයි. එමෙන්ම මේ සඳහා ප්‍රතිදීප්ත පහන් ද උචිත වෙයි. එහෙත් කල්යාමේදී ප්‍රතිදීප්ත පහන් වලින් ශබ්දයක් නිකුත්වන අතර එවිට එය පාඩම් කිරීමට බාධාවකි. එවැනි අවස්ථාවලදී හැකි ඉක්මනින් ඊට පිළියම් යෙදිය යුතුය. කාමරයේ වාතයට විවෘත ජනේලයක් යෙදිය යුතුය. කාමරයේ වාතයට විවෘත ජනේලයක් පවතී නම් ඒ අසලින්ම පොත් මේසය තබාගැනීම උචිත වෙයි. හොඳ වාතාශ්‍රයක් ලැබීමටත් හිරු එලිය හොඳින් ලැබීමටත් එය ඉවහල් වෙයි. මෙහිදී නිවසෙන් එලියේ සිදුවන ක්‍රියාකාරකම් ඔබට බාධාවක් නම් කෙටි ජනෙල් රෙද්දක් ජනේලයට යෙදීම සුදුසු වෙයි. එමෙන්ම නිතරම පාහේ ඔබේ අධ්‍යන කාමරය පිරිසිදුව තබාගැනීමට වග බලාගත යුතුය. ඔබ පාඩම් කරන්නේ ප්‍රියමනාප පරිසරයක සිට නම් එය ඔබේ පාඩම් වැඩ වලට මනා පිටුවහලක් වනු ඇත.

                                                              ජායාරුපය:මෙතනින්

එමෙන්ම ඔබට පුස්තකාලයක් ද තිබීම ඔබේ කාමරය පිළිවෙලට තබාගැනීමට මහත් උපකාරයකි. ඔබේ පොත් මේසය මත පොත් අතවශ්‍ය ලෙස ගොඩ ගැසීම උචිත නොවේ. පාඩම් කරන විට ඒ සඳහා අවශ්‍ය කරන පොත් පමණක් මේසය මතට ගන්න. අමතර පොත් පුස්තකාලය තුල තැබීම යෝග්‍ය වේ. එමෙන්ම ඔබේ අධ්‍යන කාමරය තුලට ඔබ පාඩම් කරන මේසය මතම ඔබට අවශ්‍ය පින්, ෆයිල් කටු, හාෆ්සීට් වැනි දෑ තබා ගැනීමෙන් පාඩම් කරන විට විටින් විට නැගිට යාමෙහි අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. එමෙන්ම අතේ දුරින් වතුර බෝතලයක්ද තබාගැනීම යෝග්‍ය වෙයි.

එමෙන්ම අධ්‍යන කාමරය තුල නිදන ඇඳ තිබීම හෝ හාන්සි පුටුවක් තිබීම එතරම් හොඳ කටයුත්තක් නොවේ. විශේෂයෙන් ඇඳ දකින විට නිදිමත දැනෙන පිරිසට එය සුභදායී නොවේ. සමහරු ඇඳේ ඇලවී පාඩම් කිරීමට යයි ඒ අය ටික වේලාවකින් පොත ඇගමත තිබියදීම සුව නින්දට වැටෙයි. එහෙයින් බොහෝ විට නිදන කාමරය වෙනමත්, අධ්‍යන කාමරය වෙනමත් තිබීම සුදුසු වෙයි. එහෙත් පාඩම් කරන බව ඇඟවීමට ලයිට් දමා කාමරයේ ඇඳට වී නිදන අයට මෙයට අකමැති වනු ඇත.

එමෙන්ම ශිෂ්‍යයන් පාඩම් කරන ඉරියව්ව වැදගත් වෙයි. බොහෝ දෙනා පාඩම් කරන ඉරියව්ව වන මේසය ආසන්නයේ ඇති පුටුවේ ඉඳගෙන පොත මේසය මත තබා පාඩම් කිරීම හොඳම ඉරියව්ව ලෙස සැලකිය හැකිය. මක් නිසාද යත් ශිෂ්‍යයන් විභාගයට ලියන්නේද එම ඉරියව්වෙන්ම වීම නිසාය. මුලසිටම විභාග ඉරියව්වෙන්ම අධ්‍යන කටයුතු කිරීම විභාගයට මනා පිටුවහලකි. නමුත් එකම ඉරියව්වෙන් එක දිගට වැඩකිරීම අපහසු නම් ටික වෙලාවක් හිටගෙන පාඩම් කිරීම වැනි ක්‍රම අනුගමනය කල හැකිය. එහෙත් ඇඳමත දිගාවී අධ්‍යන කටයුතු කිරීමට යාමෙන් සිදුවන්නේ මා කලින් සඳහන් කල පරිදි සුව නින්දකට වැටීමයි. නිවසේ සිට පාඩම් කරන විට අධ්‍යයන කාමරය තුලට විවිධ අය පැමිණීම නිසා බාධාවන් එල්ල වෙයි. එහෙයින් පාඩම් කිරීම ආරම්භ කිරීමට පෙර කාමරයේ දොර වසා තැබීම සුදුසුය.

කෙසේ වෙතත් සමහර ශිෂ්‍යයන්ට නිවසේ සිට අධ්‍යන කටයුතු කිරීමට පහසුකම් නැත. සමහරවිට ඔවුන් ඊට රුචි නැත. එහෙයින් එවැනි අය පුස්තකාල වලට යයි. විවිධ හේතු නිසා පුස්තකාලවලට පාඩම් කිරීමට යන සමහර ශිෂ්‍යයන් පාඩම් කිරීම පසෙක තබා වෙන වෙන අනවශ්‍ය දේවල නිරත වෙයි. කල්ලි ගැසී සම්පුප්පාපයේ යෙදීම, චිත්‍ර බැලීමට යාම ඒ අතුරින් ප්‍රධාන වෙයි. එමෙන්ම දුම්වැටිය දෙතොල මත තබාගෙන ජීවිතයේ සුන්දරත්වය (ඔවුන්ට සාපේක්ෂව) විදීමට උත්සහ දරණ අයට තමන් පුචිචන්නේ වටිනා තරුණ ජිවිතයක් මෙන්ම දෙමවුපියන්ගේ ශක්තිය බව අවබෝධ නොවේ. එමෙන්ම එය ඔවුන්ට අවබෝධ කරවීමට
කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්ද නොමැත. මෙම චිත්‍රයත් හා විභාගයත් අරමුණු කරගෙන අධ්‍යාපනය හදාරණ ඔබ සම්බන්ධ විය යුතු ආකාරය වෙනම පරිච්ඡේදයකදී සාකච්ඡා කර ඇත. එමෙන්ම එක දිගට අධ්‍යයනයේ යෙදෙන විට මානසිකව වෙහෙසට පත්වෙයි නම් අතර මැද (පැය 1/2 කට වරක්) විවේකයක් ගත හැකිය. එය පාඩම් කරන සමාජයෙන් එළියට විත් පරිසරය සමඟ එකතුවීම වැනි ක්‍රියාකාරකමක් මගින් ලබාගත හැකිය.

තමා ආ කාරණය තෝරා ගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව අධ්‍යන කටයුතු කිරීමෙන් පුස්තකාලයට පැමිණි කාරණාව මනා ලෙස ඉෂ්ට කරගත හැකිය. එමෙන්ම කණ්ඩායම් වශයෙන් කොතරම් පාඩම් කිරීමද කළ හැකිය. එහෙත් වැඩි සංඛ්‍යාවක් එසේ එකතුවීමද උචිත නොවේ. උපරිම වශයෙන් 3 පමණ සුදුසු බව කිව හැකිය. එහිදීද තවත් එකඟ වූ අරමුණු සිතේ තබාගෙන ම්තුරන්ගේ උපකාරයද ලබාගෙන පාඩම් කළ යුතුය. එසේ නැතිව කාමරයට පාඩම් කරන මුවාවෙන් සිගරට් බීම, අසභ්‍ය චිත්‍රපට බැලීම වැනි දේ නොකළ යුතුය.
එමෙන්ම දරුවන් එසේ කණ්ඩායම් වශයෙන් පාඩම් කරන විට ඔවුන්ට දෙමාපියන්ද උපරිම සහයෝග දැක්විය යුතුය. එමෙන්ම ඔවුන් කරන දෑ පිළිබඳව ඔවුන්ට බධා නොවන ලෙස සොයා බැලිය යුතුය.

” අනාගතය වනාහි අපගේ කැපකිරීම් වල ඵලයයි.”


-දිලාන් ද සිල්වා-

Leave a comment