Archive for March, 2012

17. අමතක වීම හා ඊට පිළියම්

March 30, 2012
අප ඉගෙන ගත් කරුණු අමතක වීම කාහටත් පොදු වූ සිද්ධාන්තයකි. එහෙයින් අමතක වීමට හේතු හා ඊට යෙදිය හැකි පිළියම් දැනගැනීම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අපට වැදගත් කරුණකි. අප ඉගෙන ගත් කරුණු එල්ලවන යම් යම් බාධාවීම් නිසා අමතකවීම් සිදුවෙයි. තම අදහස් ආකල්පයන් සමග පැරණි දේවල් යටපත් වෙයි. එමෙන්ම පාඩම් කර අනතුරුව යම් කාර්යයක යෙදීම වැනි හේතු නිසාද පාඩම් කල කරුණු අමතක වීම සිදුවිය හැකි. මේ සම්බන්ධව පර්කින් සහ ඩැලන්බර්ක් 1924 දී කල පර්යේෂණයකදී යමක් පාඩම් කර ඊට පසු නිදාගත් අයගේ ස්මරණය නිදානොගෙන ඊට පසු ලබන ස්මරණයට වඩා වැඩි බව හෙලිවිය1.

එය ඉගෙන ගත් දෙයට එල්ලවන බාධා නිසා අවනත වීම සිදුවීමට මෙන්ම රාත්‍රිකාලය පාඩම්
කිරීමට හොඳම කාලය බවට සාක‍ෂියකි. එමෙන්ම කාලයත් සමගද මෙම මතකය දුර්වල වන බව පැවසිය හැකිය. භාවිතයට නොගැනීම නැවත වරින් වර සිහිපත් නොකිරීම නිසා මෙම මතකය දුර්වල වෙයි. එහෙයින්

ඉගෙනගත් කරුණු විභාගයට පෙර වරින් වර මතකයට කැදවීම තුලින් මෙම දුර්වලත්වය මගහරවා ගත හැකි වන බව සිතිය හැකිය. අප වාර විභාගවලට පෙර මෙන්ම උසස්පෙල විභාගයට පෙර පාඩම් කිරීම තුලින් සිදුවන්නේ මෙසේ කාලය සමග අවනත වීමට ඉඩ නොදී එම කරුණු නැවත වරින් වර සිහිපත් කිරීමකි.
එමෙන්ම මෙම අමතක වීම සඳහා බලපෑ හේතුවක් ලෙස ජීවත්වන පරිසරය මෙන්ම පවුල් පසුබිමද බලපාන බව කිව හැකිය.

මෙල්ටිසර් (1957) ශිෂ්‍ය කණ්ඩායම් දෙකකින් එකකට නිවාඩු නිකේතනයක සැප පහසු ලෙස නිවාඩුව ගත කිරීමටත් අනෙක් කණ්ඩායමට දුක්පීඩාවලට පුහුණුව දීමටත් සලස්වන ලදී. පසුව තොරතුරු සිහිකිරීමේදී සුවපහසුව කාලය ගෙවූ අය 53% , අනෙක් අය 40% කරුණු සිහිපත් කරන ලදී2. එහෙයින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ට හොඳින් අධ්‍යාපනය ලැබීමටත් හොඳ පසුබිමක් පැවතිය යුතුය. හැකි තරම් පරිසරයෙන් එන බාධා අවම කරගත යුතුය. ඒ සඳහා දෙමාපියන්ටද ඉමහත් වගකීමක් පැවරේ. අතවශ්‍ය කරදර ප්‍රශ්න අධ්‍යාපනය ලබන දරුවන්ගේ හිස මතා නොදා ඔවුන්ටහොඳින් ඉගෙනීමට වාතාවරණය සකසා දිය යුතුය. තවද මධ්‍යසාර නිසාද ස්මරණ ශක්තිය අඩුවේ. එහෙයින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් මෙන්ම රටේ අනාගතය බාරගැනීමට සිටින පුරවැසියන් වශයෙන් මධ්‍යසාර, දුම්වැටි, මත්ද්‍රව්‍ය වලින් තොරවීම කල යුතුය.

1-අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා – 347 පිටූව.
2-අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා – 342 පිටූව.

” සෑම ගැටළුවකටම විසඳුමක් ඇත.”


-දිලාන් ද සිල්වා-

16. ස්මරණය

March 30, 2012

ස්මරණ ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් තුනකින් යුක්ත වෙයි
1. ආකේත කිරීම.
2. ගබඩා කිරීම.
3. සිහි කැඳවීම

ආකේත කිරීම
ඔබ ඉගෙන ගත් විෂය කරුණු මනසට ඇතුළු කරගැනීමට පෙර මනසට උරා ගතහැකි පරිදි සංකේතවත් කරගැනීම ආරක්ෂා කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ කෝස්ටික් සෝඩා නිපදවීම පිළිබඳව සටහන් පොත මගින් ඉගෙනීමේදී එහි ඇති ප්‍රාචීර කෝෂය ආලෝක තරංග මගින් අපහරණ මනසට ඇතුලත් කරගනී. කෝස්ටික් සෝඩා වල ප්‍රයෝජන පිළිබඳව සටහන් පොත මගින් ඉගෙනීමේදී ඉහත පරිදිම හෝ එය සිතින් කියවීමෙන් මනසට ඇතුලත් කරගනී. ඔබ එය ගුරුවරයා උගන්වන විටදී ගුරුවරයා ඉගැන්වූ කරුණු මනසට ශබ්ද තරංග
මගින් කන හරහා ඇතුලත් කරගනී. තවද මෙසේ කරුණු මනසට ඇතුලත් කිරීමට පෙර සංකේතවත් කිරීමක් සිදුවේ. මනසට කරුණු ඇතුළු වීමට පෙර සංකේතවත් කිරීමට හුදෙක් අනුරූප ක්‍රියාවලියක් පරිගණක යන්ත්‍රයේද කි්‍රයාත්මක වේ. එනම් අපි පරිගණකයට ලබාදෙන තොරතුරු පරිගණකය එයට තේරුම් ගත හැකි ආකාරයට සංකේතවත් කරයි. පරිගණකය සිය මතකයේ ගබඩා කරන්නේ එම සංකේතවත් කල දත්තය. අප ඉංග්‍රිසි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් පරිගණකයට යතුරු පුවරුව හරහා ලබාදුන් දත්ත දෙකේ පාදයේ

සංඛ්‍යා (Binory Digits) බවට පරිවර්තනය කරයි. පරිගණකය මතකයේ ගබඩා වන්නේ මෙම දෙකේ පාදයේ සංඛ්‍යා වලින් සංකේතවත් වුණු දත්තයන්ය. උදාහරණ ලෙස අප පරිගණක යන්ත්‍ර පුවරුව මගින් “A” ලබා දුන් විට පරිගණකය එය “101011101” ලෙස සංකේතවත් කරයි.

ගබඩා කිරීම හා සිහි කැඳවීම

විභාගයකදී ඔබට පහත ප්‍රශ්න දෙක ලැබී ඇතැයි සිතන්න.
1 කෝස්ටික් සෝඩා නිපදවීම අදාල ප්‍රාචීර කෝෂය අඳින්න.
2. කෝස්ටික් සෝඩා වල ප්‍රයෝජන දෙන්න.

ඔබ මේ ප්‍රශ්න දෙක දුටු විගස මීට පෙර ඔබ මතකයට ඇතුලත් කල ඉහත ප්‍රශ්න දෙකට අදාල පිලිතුරු සිහියට නගා ගනී. මෙය සිහි කැඳවීමේ අවස්ථාවයි. එමෙන්ම ඔබ ඉහත  කරුණු මනසට ඇතුලත් කල දිනයේ සිට සිහියට නගාගැනීම දක්වා මතකයේ ගබඩා කරගෙන ඇත. එය ගබඩා කිරීමේ අවස්ථාවයි. ඔබට විභාගයේදී ඉහත ප්‍රශ්න දෙක සඳහා පිලිතුරු මතකයට ආවේ නැතිනම් එනම් ඉගෙන ගත් කරුණු අමතක වී ඇත්නම් ආකේත කිරීම, ගබඩා කිරීම, සිහි කැඳවීම යන අවස්ථා තුනෙන් යම් අවස්ථා දුබලත්වයක් සිදුවී ඇත.

                                                         ජායාරුපය:මෙතනින්

ස්මරණයේද අවස්ථා
1. ඉන්ද්‍රීය ස්මරණය
2. කෙටි කාලීන ස්මරණය
3. දිගුකාලීන ස්මරණය

ඉන්ද්‍රීය ස්මරණය
කිසියම් තොරතුරක් අපගේ ඉන්ද්‍රියන්ට ගොදුරු වූ විට එය ඉතා කෙටිකාලීනව මොහොතකට දරා සිටීම ඉන්ද්‍රීය ස්මරණයයි. මෙහිදී තොරතුරු කෙරෙහි අපගේ අවධානයක් යොමු නොවේ. උදාහරණයක් ලෙස ගුරුවරයා පංතියේ උගන්වන විට ශිෂ්‍යයාගේ අවධානය වෙනතකට යොමුවීමටගුරුවරයා උගන්වන දේ කණ ඔස්සේ මෙහෙයවී ක‍ෂණිකව එය වියැකී යයි.

කෙටිකාලීන ස්මරණය
කිසියම් තොරතුරක් අපගේ ඉන්ද්‍රියන්ට ගොදුරු වූ විට අපගේ අවධානය එයට යොමුවූ විට එය කෙටිකාලීන ස්මරණය ලෙස හා දිගුකාලීන ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් කෙටිකාලීන මතකය 05-20 අතර කාලයක් දරා සිටියි. මෙහිදී සංවේදනය මත සියල්ලට කෙටි කාලීන ස්මරණයට ඇතුලූ නොවන අතර ඇතුලූ වන්නේ අවධානයට ලක්වූ කරුණු පමණි.
එහෙයින් කෙටිකාලීන ස්මරණ ගැටළු වලට මූලිකම හේතුව අවධානය නොලැබී යාමයි. උදාහරණ ලෙස පංතියේ ගුරුවරයා යම්කිසි කරුණක් උගන්වා ක්ෂණිකව එම කරුණ කුමක්දැයි ශිෂ්‍යාගෙන් ප්‍රශ්න කලවිට ඔහුට එයට නිවැරදි පිලිතුර දිය නොහැක්කේ ගුරුවරයා උගන්වන දෙයට නිසි අවධානය ලබානොදීම නිසායි. මෙම කෙටිකාලීන ස්මරණය පරිගණකය තාවකාලික මතකය (RAM) සමාන කල හැක.

දිගුකාලීන ස්මරණය
මෙම දිගුකාලීන මතකය ස්වල්ප මොහොතකට පෙර මතකයට ඇතුලූ වූ කරුණුවල සිට මුළු ජීවිතකාලය පුරාම ව්‍යාප්ත වන මතකය දක්වා දීර්ඝ වේ. දිගුකාලීන මතකයේ දුබලතාවයට ප්‍රධාන හේතුව වන්නේ තොරතුරු කරා අවශ්‍ය වේලාවට ලඟාවීමට ඇති නොහැකියාවයි. මතක ගබඩාවේ ධාරිතාව ඉතා පහල වීම අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය වේලාවට ස්මරණය නොවීමට ප්‍රධාන හේතුවයි. විභාගයේදී අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු විභාග කාලයේදී මතකයට නංවා ගත නොහැකි වීමත්, විභාග ශාලාවෙන් පිටතට පැමිණිමත් සමග පිලිතුර මතක්වීම මෙම සිහිකැඳවීමේ දුබලතාවයට හොඳ උදාහරණයකි. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අපට වඩා වැදගත් මතකය වන මෙම දිගුකාලීන ස්මරණයෙහි ප්‍රධානම දුර්වලතා මත ’සිහිකැඳවීමේ දුර්වලතාවය~~ හැකිතරම් අවම තුලින් වඩා සාර්ථක විභාග ප්‍රතිඵලයන් කරා ලඟාවිය හැකිය.

ඔබට අන් අය කිරීමට රුචි දෙය ඔබ අන් අයට කරන්න.


-දිලාන් ද සිල්වා-

15. විභාග දිනයේදී

March 30, 2012

                                                              ජායාරුපය:මෙතනින්

විභාග දිනයේදී සිදුවිය හැකි හදිසි බඩේ අමාරුවක්, හිසේ කැක්කුමක්, දත් කැක්කුමක් වැනි දේකට කල්තියාම ප්‍රතිකාර සුදානම් කර තැබීම යෝග්‍ය වේ. විභාග දිනවලදී අසනීප වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගත යුතුය. එහිදී තමා මේ දිනවල  මුහුණ දෙන විභාගය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. එයට හේතුව වන්නේ වෛද්‍යවරයා ලබාදෙන සමහර ඛෙහෙත් නිදිමත ගතිය ඇති කිරීමට හේතුවිය හැකි නිසාය.

විභාග දිනයේදී ගන්න ආහාර පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පුළුවන් තරම් දුරට කඩවලින් ආහාර ගැනීමෙන් වැලකිය යුතුය. එමෙන්ම මහා මාර්ගයේ ගමන් ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. කොළඹ ප්‍රදේශයේ එක්තරා පාසලක (උ/පෙළ) සිසුවෙකු විභාගය සඳහා දින දෙකක් පෙනී සිටි අතර තෙවන දිනයේදී විභාගයට පෙනී සිටීමට නොහැකිවූයේ අතරමගදී සිදුවූ රිය අනතුරක් නිසාය. එමෙන්ම විභාග දිනවල නියමිත වේලාවට කලින්
විභාග මධ්‍යස්ථානයට ලඟාවිය යුතුය. විශේෂයෙන් පළමු දිනයේ ශාලාව හා තමාට නියමිත ස්ථානය සොයාගත යුතු නිසාත් සෑහෙන වේලාවකට කලින් විභාග මධ්‍යස්ථානයට ලඟාවිය යුතුය. එමෙන්ම විභාග මධ්‍යස්ථානය සොයා ගැනීමේ අපහසුතාවයක් ඇති වේයැයි හැෙඟ් නම් ඊට පෙර දිනයේ හෝ එය වෙත ගොස් පැමිණිය හැකිය. එමෙන්ම තමාගේ නියමිත ස්ථානය සොයාගත් පසු මධ්‍යස්ථානයේ වැසිකිලි, පහසුකම් ඇති ස්ථාන පිළිබඳවද විමසිලිමත් වීම යෝග්‍ය වේ. තමාගේ ඩෙස් එක හා පුටුව පරිහරණයට සුදුසු දැයි පරීක‍ෂාකර බැලිය යුතුය.

නැතිනම් එය වෙනුවට වෙනත් යෝග්‍ය සේ / පුටු යොදාගත යුතුය. (තමන්ගේ අබලන් වූ ඩෙස් එක තවත් විභාගාපේක‍ෂකයෙක්ගේ ඩෙස් එක හා මාරු නොකර වෙනත් විභාග අපේක‍ෂකයෙකුට වෙන් නොකල ඩෙස් එකක් ගැනිම ඔබේ යුතුකමකි.) ඩෙස් එකේ කකුල් එකම මට්ටමේ නැතිවිට ඩෙස් එක සෙලවීම නතර කිරීමට කොල කැබලි තබා ඊට පිළියම් යෙදිය යුතුය) විභාග දිනයේදී උදේ පාන්දර ශිෂ්‍යයන් පොත් පාඩම් කිරීම සිදුකරයි. සමහර අය එසේ නොකරයි එය තමන්ගේ කැමැත්ත පරිදි තීරණයකල හැකිය.

විභාග මධ්‍යස්ථානයට වේලාවට පෙර ලඟාවීමට නම් වේලාසනින්අවදි විය යුතුය. එහෙයින් තමන්ව අවදි කිරිමට නිවැසියන්ට හෝ එලාම් ඔරලෝසුවකට භාරකිරීම උචිත වේ. විභාගයට නිවසින් පිටත් වීමට පෙර අවශ්‍ය සියලූම දේවල් තමාගේ බෑගයට දමා ඇත්දැයි නැවත විමසිලිමත් විය යුතුය. විශේෂයෙන් හැඳුනුම්පත, විභාග ප්‍රවේශපත වැනි දෑ නිවසේ දමා ගියහොත් නැවත නිවසට පැමිණීමට සිදුවේ. එවිට සිතේ ඇතිවන චංචලභාවය විභාගයට අහිතකර ලෙස බලපෑ හැකිය. විභාගයට නිවසින් පිටත්වීමට පෙර දෙමාපියන්ට,
බුදුන් ට වැද පිටත්වීම උචිත වේ. සමහර දෙමාපියන් ලමුන්ට ගෙයින් එලියට බැසීමට නැකත් පවා බලයි. ඉදිරියට වතුර වීදුරුවක් රැගෙන එයි. දෙමාපියන්ට නොවඳින ළමුන් විභාග දිනයට පමණක් දෙමාපියන්ට වැඳීම, වතුර ගෙන ඒම වැනිදෑ නිශ්ඵල බවට කෙනෙකුට තීරණය කල හැකි වුවද එහිදී දෙමාපියන්ගේ මුවින් පිටවන ආශිර්වාදාත්මක වාක්‍ය ශිෂ්‍යාගේ සිතේ ප්‍රසන්න භාවයක් ඇතිකිරීමට හේතුවෙයි.

විභාග ශාලාවේදී ශාලාධිපතිගේ හා නිරීක‍ෂකයන්ගේ උපදෙස් පරිදි කි්‍රයා කල යුතුය. ප්‍රශ්න පත්‍රය ලැබුණු පසු අන් අය හා කිසිම හේතුවක් නිසා කතාවට නොයා යුතුය. අසල සිටින අයගෙන් යම් උපකරණයක් (පෑන්, පැන්සල්) ඉල්ලා ගැනීමට අවශ්‍ය නම් එය විභාග නිරීක‍ෂකයා හරහා කිරීම කල යුතුය. කැල්කිලේටර්, දුරකථන වැනිදේ විභාග ශාලාව තුලට ගෙන යාම තහනම් කලදේ ගෙන යාමෙන් වැලකී සිටිය යුතුය. බොහෝ ගුරුවරු විභාග ශාලාවේදී විභාගාපේක‍ෂයන් සමග සුහදව කතා කරන අතර ඔබද ඒ ආකාරයෙන්ම ඔවුන් සමග කටයුතු කල යුතුය. ඔවුන් සමග අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතුය. දැන් බහුවරන ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු ලකුණු කිරීම සඳහා OMR (Optical Mark Reder) හඳුන්වන විශේෂ පත්‍රිකාවක් ලබාදෙයි. එහි ලබාදී ඇති උපදෙස් අනුව පිලිතුරු ලකුණු කල යුතුය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 60 කි. කාලය පැය 2 කි. එනම් එක් ප්‍රශ්නයකට විනාඩි 2 කි. ඔබ බහුවරන ප්‍රශ්න පත්‍රය කොටස් 4 කට වෙන්කර විසඳුම් සෙවීම වඩා උචිත වෙයි. ඔබ පළමු වටයේදී බහුවරන ප්‍රශ්න 20 ක් පමණ කර පිලිතුරු ප්‍රශ්න පත්‍රයේ ලකුණු කරන්න. දැන් OMR පත්‍රය ගෙන එහි පලමු ප්‍රශ්න 20 පිලිතුරු ලකුණු කරන්න.

අනතුරුව ඊලඟ ප්‍රශ්න 20 ට පිලිතුරු ප්‍රශ්න පත්‍රයේම ලකුණු කරගෙන අනතුරුව එම පිළිතුරු කලින් මෙන් ධඵඍ හි ලකුණු කරන්න. ඉන් අනතුරුව ප්‍රශ්න10 ක් නිමකර හි එහි පිලිතුරු ලකුණු කරන්න. අනතුරුව ඉතිරි ප්‍රශ්න 10 ද පිලිතුරු කලින් මෙන්ම ලකුණු කරන්න. මෙහිදී ඔබට ප්‍රශ්න කරගෙන යාමේදී අපහසු ප්‍රශ්න හමුවේ. සමහර ප්‍රශ්න ටිකක් කල්පනා කල විට කල හැකි බව ඔබගේ මනසට වැටහී ගිය හැකිය. එමෙන්මතවත් ඒවා ඉතාමත් අපහසු බව ඔබට වැටහී ගියහොත් එම ප්‍රශ්න පලමු වටයේදී අත්හැරිය යුතුය. එමෙන්ම ඔබ එම ප්‍රශ්න දෙවර්ගය හඳුනාගැනීමට සංකේතයක් ප්‍රශ්න අංකය ඉදිරියෙන් යෙදිය යුතුය.

පලමු වටය අවසානයේ ඔබ හොඳින් පිලිතුරු දන්නා සියලූම ප්‍රශ්න වලට පිලිතුරු ලකුණු කර අවසන්ය. දැන් දෙවැනි වටයේදී ඔබ ටිකක් කල්පනා කලවිට විසඳා ගත හැකි යැයි ඔබ කලින් වටයේදී නිගමනය කල ප්‍රශ්න විසඳන්න. ඒවා විසඳා පිලිතුරු ලකුනු කරන්න. දැන් ඉතා අපහසු යැයි වටහාගත් ප්‍රශ්න විසඳීම අරඹන්න. එය තුන්වන වටයයි. ඒවාද විසඳා පිලිතුරු ලකුණු කරන්න. කෙසේ හෝ ඔබ මේ අවසාන විනාඩි 10 ට පෙර ඔබ කුමන පියවරක සිටියද අදාල පිලිතුරු සෙවීම නතර කර ප්‍රශ්න පත්‍රයේ ලකුණු කර ඇති එහෙත් පිලිතුරු
පත්‍රයේ ලකුණු නොකල ප්‍රශ්න වලට පිලිතුරු උත්තර පත්‍රයේ ලකුණු කරන්න. අනතුරුව නැවත ඔබ නතර කල තැනින් පටන්ගෙන ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට යන අතරට එහි පිලිතුරුද ඒ සමගම OMR හි ලකුණු කරන්න. එසේ උත්තර ලකුණු නොකල කිසිදු ප්‍රශ්නයක් OMR හි නොතිබිය යුතුය. එසේ ඇත් නම් අහඹු ලෙස හෝ පිලිතුරු ලකුණු කරන්න. එහෙත් වැරදි පිලිතුරු සඳහා ලකුණු අඩුකරන විභාග වලදී නම් මෙසේ අහඹු ලෙස උත්තර ලකුණු නොකල යුතුය. තවද ඔබගේ OMR එක ප්‍රශ්න පත්‍රයට හෝ කටු වැඩ කොලවලට යටින් නොතැබිය
යුතුය. එසේ තැබුවහොත් ඔබගේ පෑන් ඉරිවලට අනුරූප රේඛා OMR මත ඇදීම නිසා එයට හානි විය හැක. එහෙයින් OMR එක අත්‍යවශ්‍ය අවස්ථා වලද ඩෙස් එක යටින් තැබීම කල යුතුය.

රචනා ප්‍රශ්න පත්‍රයේද ප්‍රශ්න තෝරා ගැනීමට අවස්ථාවක් ලබාදී ඇති නිසා ප්‍රශ්න හොඳින් කියවා පහසු ප්‍රශ්න සොයාගත යුතුය. එමෙන්ම සමහර ප්‍රශ්න තෝරා ගැනීමේදී එහිදී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගත යුතුය.

උදාහරන: භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තෝරාගත යුතු ප්‍රශ්න 4 කි. 5 වන ප්‍රශ්නය a,b කොටස් දෙකකි. ඔබ තෝරා ගත යුත්තේ a,b දෙකෙන් එකකි. එසේ නොමැතිව a,b දෙකම ලියුවද සලකන්නේ ඔබ එක් ප්‍රශ්නයකට පිලිතුරු ලිව්වා සේය.
රචනා ප්‍රශ්න පත්‍රයට ලැඛෙන්නේ පැය 2 කි. පිලිතුරු ලිවිය යුතු ප්‍රශ්න සංඛ්‍යාව 4 කි. එවිට එක් ප්‍රශ්නයක් සඳහා ලැඛෙන කාලය පැය භාගයකි. එහෙයින් ප්‍රශ්නය ලිවීම ආරම්භ කර හරියටම පැය 1/2 කින් ලිවීම නතර කලයුතුය. ප්‍රශ්නයට පිලිතුරු ලියා අවසන් නොවුනද එය කල යුතුය. නැතහොත් වන්නේ අනෙක් ප්‍රශ්න සඳහා පිලිතුරු ලිවීමට කාලය මදි වීමයි.

එමෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1 ක් ලැඛෙන අතර ප්‍රශ්න 4 කට පිලිතුරු ලිවිය යුතුව ඇත. එනම් එක් ප්‍රශ්නයකට විනාඩි 15 ක් ලැබේ. එහිදී ද එක් ප්‍රශ්නයකට විනාඩි 15 කට වඩා නොගැනීමට වගබලා ගත යුතුය. ඔබ විභාගයට යාමට පෙර ඒ ඒ ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්නවලට අදාළ කාර්යයන් වෙන්කොට සැලසුමක් පිළියෙල කරගත යුතුවේ.

” ඔබට සැලසුමක් තිබිය යුතුය. එහෙත් ඔබ සැලසුමට සිමා විය යුතුම නොවේ.”


-දිලාන් ද සිල්වා-

14. විභාගය ලඟ ලඟ

March 30, 2012
විභාගය ආසන්න වත්ම බොහෝ දෙනා තුල ආතතිය වැඩිවෙයි. නිසියාකාරව පාඩම් නොකල අය පමණක් නොව පාඩම් කල අය තුලද මෙම තත්වය දැකිය හැකිය. පාඩම් නොකල අයගේ සිත තුල තමන් විභාගය අසමත් වේවි යන බියද පාඩම් කලත් අවශ්‍ය තරමට ප්‍රතිඵල නොලැබේවි යන බියක් පාඩම් කල අය තුලද ඇතිවෙයි. මෙහිදී නිව්ටන්ගේ නියමයන් වන, සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවරුද්ධ ක්‍රියාවකටම ඇත, සිහිකිරිම වටී. (නිව්ටන්ගේ නියමයක්ද එසේ නැත්නම් ඔහු බෞද්ධ දර්ශනයේ එන කර්මය යන විකල්පය තුළින් හෝ සිංහලයේ එන තල වැපරුවොත් තල – මුං වැපුරුවොත් මුං යන ආප්තෝපදයෙන් පෙරා ගත්තක්ද යන්න ස්ථීරවම කිව නොහැක)

අපට ප්‍රතිඵල ලැඛෙන්නේ කරන  ක්‍රියාවට අනුරූපවයි. එහෙයින් හොඳින් පාඩම් කලහොත් හොඳ ප්‍රතිඵලයක්ද එසේ නොකලහොත් එහි ප්‍රතිවිරුද්ධ දේද ලැඛෙයි. එහෙයින් සියලූ දෙනා මෙතෙක් තමන් කලයුතු දේ ගැන සිතිය යුතුය. නොකල දේ ගැන සිතීම ඵල රහිතය. ඉතිරිව ඇති කෙටි කාලය ඵලදායී ලෙස අධ්‍යාපනයට යෙදවිය යුතුය.

අවසාන මාසය, තුල නොදන්නා දේ ඉගෙනීමට යාමට වඩා හොඳම දේ ඉගෙනගත් දේ හොඳින් ප්‍රගුණ කිරීමයි. මේ කාලය තුල සටහන් පොත කියවීමට වඩා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නිශ්චිත කාලයකදී ලිවීමටද, සමහරක් වැදගත් යැයි ලකුණු කල කොටස් නැවත පුනරීක‍ෂණය කිරීමද කල යුතුය. අවසාන මාසය වැනි කාල සීමාවේදී මෙතෙක් කිසිවක් ඉගෙන නොගත් ඒවා අත් හැරීම උචිත බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය. එහෙත් අත් හරින දේ ගැන සිත දුක්වීම නොකර තමා ඉගෙනගත් දේ ගැන සිතිය යුතුය. මා ප්‍රථම වරට විභාගයට මුහුණ දීමේදී සංඛ්‍යානය කොටස පාසලේදිවත් ටියුෂන් පන්තියේදිවත් ඉගෙන ගෙන නොතිබුණි. එහෙත් එය ඉතා ලෙහෙසි බව මාගේ හිතවතුන් පැවසූ නිසාම අවසාන සති දෙක තුල මා ඔවුන්ගෙන් එය ඉගෙන ගැනීමට පෙළඹුනෙමි.

එහෙත් විභාගයේදී මාහට එම ගණන සාර්ථකව සෑදීමට නොහැකි විය. එයින් වූයේ මා සංඛ්‍යානය ඉගෙනීමට ගත් කාලය අපතේ යාම පමණකි. එහෙත් මා එම කාලය වෙනත් ඒකකයක් හැදෑරීමට යෙදුවේනම් ප්‍රතිඵලය මීට වඩා සාර්ථක වීමට ඉඩ තිබුණි. විභාගය ලංවන විට මනස මෙන්ම පොත් මේසයද අවුල්වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙයින් සෑම වෙලාවකම පොත් මේසය සිත්ගන්නා සුළු ලෙස තබාගැනීමට වගබලා ගන්න. මෙය ශිෂ්‍ය ජීවිතය පුරාම අවශ්‍ය වූවත් ජීවිතයේ තීරණාත්මක විභාගය ආසන්නයේදී මේ
පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වියයුතුය.

එමෙන්ම අවසාන මාසයක වැනි කාලයක මිට පෙර අධ්‍යන කටයුතු කල කාලසටහන වෙනුවට නව කාල සටහනක් පිළියෙල කල යුතුය. එහි විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ඒකක වලට මුල්තැන ලබාදිය යුතුය. උදාහරණ ලෙස සංයුක්ත ගණිතය විෂයෙහි අවකලනය, අනුකලනය, සරල රේඛාව, වෘත්තය, සංඛ්‍යානය, සම්භාවිතය ගත හැකිය.

එමෙන්ම නින්ද සඳහාද ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය. බොහෝ විට මෙය පැය 5 – 6 ක් ලෙස සමහරු දක්වයි. එහෙත් බොහෝ විද්වතුන් රාත්‍රි 11.00 – 5.00 අතර පැය 5 – 6 ක පමණ නින්දක් අවශ්‍ය බව පවසති. ඔවුන් පවසන්නේ අප දිනය තුල පාඩම් කරන ලද දේ මතකයෙහි තැන්පත් වන්නේ නින්දේදි නිසාත්, රාත්‍රි කාලයද අපේ මනසෙහි රසායනිකයන් නින්දට අදාල රසායනිකයන් නිසාත් එම කාලය තුල සිරුරට නින්ද අවශ්‍ය බවත්ය.

එහෙත් විභාගය ආසන්න වන විට හොඳින් අධ්‍යනය කල නොකල දෙපාර්ශවයම පෙලඹෙන්නේතව තවත් වැඩිපුර පාඩම් කිරීමයි. එය සාමාන්‍යය ස්වභාවයකි. එවිට නින්ද අඩුවීම සාමාන්‍යයෙන් සිදුවෙයි.
රාත්‍රියේ කෙටි නින්දක් ලැබීම නිසා එයපසුදින කටයුතු වලට අයහපත් ලෙස බලපායි නම් නිදි කාලය වැඩිකල යුතුය. මෙසේ සෑම කෙනෙක්ම තමන්ට සුදුසු ලෙස අධ්‍යාපනයට බාධාවක් නොවන නින්දක් ලැබීම උචිත වෙයි.

එමෙන්ම බොහෝ දෙනා විභාගයට පෙර තමන්ගේ ආගමික සිද්ධස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබාගනී. විභාගය ආසන්න වත්ම දේවාලවල පූජා වට්ටි අතින් ගෙන පෝලිමේ සිටින සිසුන් බහුලව දැකිය හැකිය. විභාගයකට පමණක් නොව ඕනෑම ජීවිතයේ තීරණාත්මක කටයුත්තකදී තමන් අදහන ආගමික ස්ථානයට ගොස් ආශිර්වාද ලබාගැනීම කල යුත්තකි.

එහෙත් පන්සල්, පල්ලි, දේවාල ගිය නිසා එයින් විභාගයේ ප්‍රතිඵල වර්ධනය වේ යැයි සිතිය නොහැක. එහෙයින් ප්‍රතිඵල වර්ධනය කර ගැනීමට සිතා පන්සල් පල්ලි යාම ඵලරහිත කි්‍රයාවකි. එහෙත් විභාගය ආසන්න වනවිට වියවුල් මානසිකත්වයකින් සිටින අයෙකුට පූජනීය ස්ථානයකට යාමෙන් ඔහුගේ මනස සන්සුන් කරගත හැකි නම් එසේ යාම නිසා එය විභාගයට යහපත් ලෙස බලපාන බව කිව හැකිය.
මම ප්‍රථම වර විභාගයට පෙනී සිටීමේදී විභාගයට පෙර පන්සල් ගියේ මවගේ පෙරැත්තට “දෙයියො කොහොමද අපිව විභාගවලින් පාස් කරන්නේ”යැයි පවසමිනි.

එහෙත් මා දෙවන වර විභාගයට පෙනී සිටීමේදී විභාගයට දින 3 කට පෙර මගේ පෙරැත්තයට පන්සල් ගියේ එම දින කිහිපය තුල මා සිත තුල තිබූ විභාග ආතතියෙන් මිදීමට හැකිවේ යැයි විශ්වාස කල නිසාය. එසේම මා එදින පන්සලෙන් පිටවන විට මනස බොහෝ සේ සැහැල්ලූ වීතිබුණි. එමෙන්ම පන්සලට හෝ පල්ලියට හෝ ආගමික සිද්ධස්ථානයට ගොස් ආගමික නායකයා සමග කතා බස් කිරීමෙන්ද ඔවදන් රාශියක් ලබාගත හැකි අතර එය විභාගයට මනා පිටුවහලක් වන බව කිව හැකිය. එහෙයින් විභාගය ආසන්නයේ පමණක් නොව තමන්ට හැකි සෑම විටම තම ආගමික සිද්ධස්ථානයකට යා යුතුය. විභාගය ආසන්නයෙහි ආගමික සිද්ධස්ථානයකට යා යුත්තේ හොඳ මානසිකත්වයක් ඇති කර ගැනීමටත් ඔවදන් ලබාගැනීමටත් මිස ප්‍රතිඵල ඉහල නංවා ගැනීමට නොවිය යුතුය.

එමෙන්ම විභාගය ආසන්නවත්ම තමාගේ ආරක‍ෂාව ගැන වෙනදාට වඩා ප්‍රවේසම් විය යුතුය. හදිසි අන්තරා සිදුවීමට ඇති ඉඩකඩ අවම වන ලෙස කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන් බස්රථවල පා පුවරුවේ යාම අනවශ්‍ය ගැටුම් වලට මැදිවීම් වැනි තමාට හානියක් ගෙන දෙන ක්‍රියාවලින් ඈත්විය යුතුය. එමෙන්ම විභාගයට පෙර විභාගය ලිවීමට අවශ්‍ය පෑන් මිලදී ගෙන එය මඳක් පරිහරණය කර අතට හුරුකරගත යුතුය. සමහරු විභාගයට යන අතරමගදී පෑනක් මිලදී ගන්නා අතර එයද ලියවෙන්නේ දැයි බලන්නේ විභාග ශාලාවේදීය. එතනදි එය නොලියවුනහොත් අන් අයටද කරදර කරමින් පෑන් සොයයි. එහෙයින් විභාගයට
අවශ්‍ය කරන සියලූ දේ කල්තබා සුදානම් කරගත යුතුය.

” කල් ඇතිව තමා තමාව සුදානම් කර ගැනීමකින් තොරව කිසිම කෙනෙකු කවරදාක
හෝ සාර්ථකත්වයට පත් වූවයි නොසිතිය යුතුය.”


- පී. පාකර් -

13. පාඩම් කිරීමේ ක්‍රමශිල්ප

March 30, 2012
1-ගැලිම් සටහන්
අපට පාඩම් කිරීමට අවශ්‍ය කරුණු එකිනෙකට ඈඳා ගැලිව් සටහන් මගින් නිරූපණය කිරීමෙන් හොඳ මතකයක් ඇති කරගත හැකිය. මෙහිදී ශිෂ්‍යයා අදාල කරුණුවලට අදාලව සකසා ගත් ගැලිම් සටහන හොඳින් ධාරණයකරගත් විට අවශ්‍ය අවස්ථාවලදී ගැලිම් සටහන සිතේ මවාගත හැකිය. එහෙයින් අපට එහි ඇති කරුණු පහසුවෙන් සිහියට නගාගත හැකිය.
අ.පො.ස.(උ/පෙළ) භෞතික විද්‍යාවේ පාඩමක් වන කර්මාන්ත රසායනයේ ඇති Na2 CO3 අදාල ගැලිම් සටහනක් ඉදිරිපත් කර ඇත.

2- චිත්තරූප මැවීම

මෙහි ආදේශ කිරීම ලෙස හඳුන්වා දී ඇත්තේ අපට පාඩම් කිරීමට ඇති කරුණු අපට හුරු පුරුදු හොඳින් දන්නා යමකට ආදේශ කර මතක තබාගැනීම හෝ මතක තබාගැනීමට අවශ්‍ය කරුණු එකිනෙකට සම්බන්ධතා දක්වන යම්දේකට ආදේශ කර මතක තබාගත හැකිය.

මේ සඳහා පහත උදාහරණ සලකා බලන්න. මෙහි පසු ආදේශනය චිත්තරූප ලෙස මතකයේ
ගබඩා කල හැකිය.
Na2Co3 හි ප්‍රයෝජන

1. වීදුරු නිෂ්පාදනය
2. ජලයේ කඨිනත්වය ඉවත් කිරීමට
3. කාච පලය ලෙස (Na2siO3)
4. සබන් නිෂ්පාදනයට
ඉහත කරුණු 4 පහත පරිදි ආදේශ කල හැකිය.

Na2Co3 ලේබලය ඇලවූ වීදුරුවක සබන් දියකර ඇති අතර එහි පතුලේ සබන් කුඩු අවක්ශේස වී ඇති අතර එහි කාචයක්ද ඇත.

* වීදුරුවක – වීදුරු නිෂ්පාදනයට

* සබන් කුඩු අවක්ශේප වී ඇත – සබන් නිෂ්පාදනයට
                                              කඨිනත්වය ඉවත් කිරීමට
* කාචයක් – කාච ඵලය නිපදවීමට
* සබන් දිය නොවන්නේ (අවක්ෂේප වන්නේ) කඨින ජලයේය.

3- උකහා ගැනීම් මගින්
අපට මතක තබාගත යුතු කරුණු වල අකුරු හෝ කොටස් උකහා ගෙන එයින් අපට මතක තබාගැනීමට පහසු වාක්‍ය කාණ්ඩයක් නිර්මාණය කල හැකිය. එම වාක්‍යය කණ්ඩය සිහිපත් කලවිට ඊට අදාල කරුණු (එය තුල ගැබ්වී ඇත.) ඉබේම සිහිපත් වෙයි.
උදාහරණයක් ලෙස අප දිසා 8 මතක තබාගැනීමට භාවිතා කරන උපක්‍රමය සලකා බලමු.

4 රසවත් ලෙස කරුණු ගොනු කිරීම.
මෙහිදී අපට මතක තබාගැනීමට අවශ්‍ය කරුණු අප කැමති ආකාරයට ගීතයක්, කවියක් ලෙස නිර්මාණය කල හැකිය. පහත උදාහරණය සලකා බලන්න.
මල නොබැදෙන වානේ වල අඩංගු මූලද්‍රව්‍යය වන්නේ
1. ෆොසේ
2 ක්‍රෝමියම්
3 නිකල්
4 කාබන්

මෙය මතක තබාගැනීමට පහත ක්‍රියාවලිය යෙදිය හැකිය. මෙහිදී මා ජනප්‍රිය හින්දි ගීතයක කොටසක් වන “මෙරා නාම් රකදියා” හි රිද්මයට අනුව පහත වාක්‍ය කාණ්ඩය තනා ඇත. ඔබට එය ඉහත රිද්මයට අනුව ගැයීමෙන් හොඳින් ධාරණය කරගත හැකිය.

මෙරා නාම් කෙදියා : ෆොරා ක්‍රේම් නිකාබයා

ෆෙරා – ෆෙරස්
ක්‍රෝම් – ක්‍රෝමියම්
නි – නිකල්
කාබ – කාබන්
මෙය උකහා ගැනීමේ ක්‍රමයට අනුරූප ක්‍රමයකි.

5 කෙටි සටහන්
මෙහිදී සිදුකරන්නේ අප ඉගෙනගත් කරුණු කෙටි කර සටහන්කිරීමයි. මෙසේ කෙටි කල යුත්තේ එම කෙටි කරුණු ඊට අදාල සියලූම කරුණු නියෝජනය වන ලෙසයි. මෙහිදී සමහරු කෙටි සටහන් :ීයදරඑ භදඑැි- ලෙස සම්පුර්ණ සටහනම කුඩා අකුරුවලින් ලියයි. එය නිශ්ඵල කි්‍රයාවකි. කෙටි සටහනක් යනු සවිස්තර සටහනක වැදගත් දේ අන්තර්ගත වන පරිදි ලියන සංක‍ෂිප්තයකි. එය දකින විට ඔබට ඊට අදාළ සියළු කරුණු
මතක් විය යුතුය. අපට කෙටි සටහන් පිළියෙල කරන විට කරුණු වශයෙන් ඉදිරිපත් කල හැකිය. එම කරුණු එකිනෙකින් වෙන් කිරීමට විවිධ සංකේත භාවිතා කල හැකිය.
උදාහරණ : * ▄ ▼ ●

කරුණු සඳහන් කිරීමේදී එකකට පහලින් එකක් ලියනවිට දෙවන කරුණ පළමු කරුණ පිහිටි මට්ටමින් මදක් ඉදිරියට හෝ ආපස්සට ගෙන යාම තුලින් සිත් ඇදගන්නා තත්වයට පත්කල හැකිය.

* මිනිස් අවශ්‍යතා සීමාව :20 – 20,000- H2 වෙයි.
       ** බල්ලගේ ශ්‍රව්‍ය සීමාව ඊට වඩා පුළුල්ය.

6- කොටස්වලට වෙන්කර පාඩම් කිරීම

විශාල කොටසක් මතකයේ තබාගැනීමට සිදුවී ඇතිවිට එය කුඩා කොටස්වලට කඩා මතක තබාගැනීම උචිත වෙයි. උදාහරණ ලෙස ආවර්තිතා වගුව මතකයේ රඳවා ගැනීම ගත හැකිය.
I A IIA IIIA IVA VA VIA VIIA VIIIA ඛණ්ඩ ලෙස පහලටද, D ගොනුවේ ඛණ්ඩ දෙක තිරස්ව තීරු දෙකක් ලෙසද වෙනමද මතකයේ රඳවන ලදී.

                                                                 ජායාරුපය:මෙතනින්

7- විවේකයේ තබා පාඩම් කිරීම
පාඩම් කිරීමට ඇති කරුණු (විශේෂ කරුණු) කොටස් වලට වෙන්කර එම කොටස් විවේකයන් තබා වරින් වර පාඩම් කිරීම උචිත වෙයි. එවිට තෙහෙට්ටුව අඩුවන අතරම ඒකාකාරී නොවීම නිසා පාඩම් කිරීමට දක්වන උනන්දුවද වැඩිවෙයි. එමෙන්ම අවස්ථා කිහිපයකදී ඉගෙනීම කරන නිසා අමතක වන ප්‍රමාණය අඩුවෙයි. එමෙන්ම වරින් වර සිහිපත් නොකිරීම නිසා අමතක වීම සිදුවන අතර ඉහත ක්‍රමයට පාඩම් කිරීමෙන් එසේ අමතක වීම අවම වෙයි.

8- මනාව සංවිධානය කර අනු කොටස් වලට ඛෙදා පාඩම් කිරීම.
පාඩම් කිරීමට පෙර පාඩම් කිරීමට ඇති කරුණු මනාව සංවිධානය කර මතකයට ඇතුලත් කිරීමට පහසු වන ලෙස වගුගත කිරීම, විවිධ සංකේත යොදා භාවිතයෙන් අනුකොටස් වලට ඛෙදා සකස් කල යුතුය. මෙය කෙටි සටහන් සෑදීමහි මුලික කි්‍රයාවක් ලෙස සැලකිය හැකිය.

9- පාඩම් කරන විට ඊට අදාල වෙනත් කරුණු සකසා ගැනීම.
උදාහරණයක් ලෙස සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය සම්බන්ධව පාඩම් කරනවිට එහි ප්‍රයෝජන, අතුරුඵල, අතුරුඵලවල ප්‍රයෝජන මෙන්ම එයින් වන පරිසර දූෂණය වැනි සල්ෆියුරික් වලට සම්බන්ධතා පවත්නා සියලූම කරුණු පිළිබඳ පාඩම් කිරීම කල යුතුය.

10) PQ4R
P – Pre View
Q – Question
R – Re fect
R – Recite
R – Read
R – Review

P – Preview (පෙර දැක්ම)
පාඩම පෙරලා බලා මාතෘකා, අනුමාතෘකා පිළිබඳ වැටහීමක් ලබාගත යුතුය. එමගින් මුළු පාඩමේම අන්තර්ගතය පිළිබඳ වැටහීමක් ලබාගත හැකිය. එවිට මතක තබාගැනීමේ හැකියාව වැඩිවේ.

R – Read (කියවීම්)
මෙහිදී ඡේදය මනා ලෙස අවධානයෙන් යුතුව කියවිය යුතුය.

Q – Question (ප්‍රශ්න නැගීම)
ඡේදය කියවන අතරම එම ඡේදයට අදාලව නැගිය හැකි ප්‍රශ්න සටහන් කරගත යුතුය.

R – Reflect (ප්‍රත්‍යපේක‍ෂණය)


කියවන ලද දෙය නැවත සිහිපත් කිරීම සිදුකල යුතුය. අමතක වූ කරුණු ඡේදය බලා නැවත මතකයට ඇතුළු කල යුතුය. මෙහිදී කලින් ොගඩනැගූ ප්‍රශ්න දෙස බලා ඒවාට පිළිතුරුද ස්මරණය කල යුතුය.

R – Recite (සජ්ජායනය)
සජ්ජායනය හෙවත් නැවත කියවිය යුත්තේ කිසියම් කොටසක් කියවා නිම කිරීමෙන් පසුවයි. එහිදීද සටහන් කරගත් ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය.

R – Review (සමාලෝචනය)
මෙහිදී අලූත් පරිච්ඡේදය කියවා අවසන් වූ පසු නැවත එම පරිච්ඡේදයේ කියවූ දේ සිහිකිරීම සිදුකල යුතුය. එමෙන්ම,
1. ප්‍රශ්න පත්‍රයෙහි රටාව හඳුනාගන්න. එමෙන්ම ඔබට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න පත්‍ර විභාගය (රචනා, බහුවරන) අනුව පාඩම් කරන්න.
2. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය ප්‍රශ්න පත්‍ර ලියා හුරුවන්න. විශේෂයෙන්ම රචනා ප්‍රශ්න ලියා හුරුවීම වැදගත් වෙයි. එමෙන්ම බහුවර්ණ ප්‍රශ්නවල එක ප්‍රශ්නයකට පිළිතුරු 5 ක් පමණ ඇති නිසා සමහරවිට එකම ආකාරයේ පිළිතුරු 2 ක් තිබිය හැකි. බොහෝ බහුවර්ණ ප්‍රශ්න කර ඊට හුරුවීම අවශ්‍ය වෙයි.
3. හැකිනම් ලකුණු සමග අධ්‍යනය කර ලකුණු ලැඛෙන ආකාරය, සිතේ තබාගෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවිය යුතුය. මෙම ලකුණු නොලැඛෙන කරුණු (පේලිය) නොලියා ලකුණු ලැඛෙන කරුණු පමණක් සටහන් කල යුතුය. එවිට කාලය ඉතිරි වෙයි. මෙය ගණිතයේදී විශේෂයෙන් වැදගත් බව සිහි තබාගත යුතුය.

4. පාඩම් කිරීමට පෙර ඊට අදාල පූර්ව කරුණු සිහිපත් කරන්න.
5. විභාගයට ලැබේ යැයි අනුමාන කරන පාඩම් පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න. ඒවා හොඳින් මතකයේ ඇද්දැයි යන්නත් අවශ්‍ය විට සිහිපත් කලහැකිද යන්නත් විටින් විට පරීක‍ෂා කර බලන්න.
6. එමෙන්ම විභාගයට වැදගත් වන එහෙත් අපහසු ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න. ඒවායේ අපහසු තැන් හැකි ඉක්මනින් දැනුවත් කෙනෙකු ලවා නිරවුල් කරගන්න.
7. නිතර අමතක වන කොටස් නිතර නිතර මතක් කරන්න. ඒවා නිතර පෙනෙන තැනක එල්ලා තැබීමෙන් එම කරුණු පහසුවෙන් ඉටුකල හැකිය.
8. පොතේ ඇති දේම කට පාඩම් නොකර තමන්ගේ වචන වලින් එය මතකයට ඇතුලූ කරගන්න.
9. විටින් විට යහළුවන් සමග සාකච්ඡාවෙන් මතකය උරගා බලන්න. එමෙන්ම ඔබ දකින දේ නොදකින යහළුවන්ට කියා දෙන්න.

 “ඕනෑම දෙයක් කිරීමට ඇති ක්‍රම අතරින් හොඳම ක්‍රමය තෝරා ගන්න.”
-දිලාන් ද සිල්වා-

12. පාඩම් කල යුත්තේ කෙසේද ?

March 30, 2012
උසස් පෙළ පන්ති පටන් ගත්දා පටන් ක්‍රමානුකූලව පාඩම් කරගෙන ගියේ නම් එය ඔබට ඉමහත් පහසුවකි. තවද අධ්‍යන කටයුතු කරන විට එය ක්‍රමවත්ව කරගෙන යාම කලයුතුය. සෑම දිනකම පාසලේ/පන්තියේ උගන්වන ලද දේ දිනපතාම නැවත පාඩම් කිරීම කලයුතුය. එහිදී නොවැටහුන දේ ඇත්නම් පසුදින මිතුරෙකුගෙන් හෝ ගුරුවරයාගෙන් අසා දැනගතයුතුය.

එහෙත් ඊට පෙර තමාගේ සටහන හා ඊට අදාල බාහිර පොත්පත් කියවා තමාම තේරුම් ගැනීමට උත්සාහ කල යුතුය. ශිෂ්‍යයෙකුට උසස්පෙළ හොඳින් සමත්වීමට ඇති හොඳම අවස්ථාව ප්‍රථම වතාවයි. මක් නිසාද යත් විභාගයට පෙර වසර දෙකක් ඇති නිසා හොඳින් අධ්‍යන කටයුතු කරගත හැකි වීමයි. එමෙන්ම එම වසර දෙක තුල පාසල් ගුරුවරුන්ගේ සහායද ලබාගත හැකිවීම වාසියකි. පාඩම් කිරීමට බහුලව සාමාන්‍ය සටහන්, කෙටි සටහන්, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිතයට ගත හැකිය. ප්‍රථම වතාවට විභාගයට මුහුණදෙන ශිෂ්‍යයා සෑම පාඩමක් අවසානයේම ඊට කෙටි සටහනක් හා ප්‍රශ්න මාලාවක් පිළියෙල කල යුතුය. එමෙන්ම එක් එක් ඒකකයට වෙන වෙනම පොත් බැගින් තබාගත යුතුය. එම සෑම පොතකම මුල් පිටුවේ එම පොත තුල අන්තර්ගත මාතෘකා සටහන් කර තැබීම යෝග්‍යයයි.

එමෙන්ම එම මාතෘකාවට අදාල බාහිර පොත් පරිශීලනය කර එයින් උපුටාගත්තා. වැදගත් කරුණුද මෙම පොත තුලම සටහන් කිරීම කල යුතුය. පොතේ අකුරු ලස්සන නොවුනද කියවීමට හැකි ලෙස පැහැදිලිව තිබීම යෝග්‍ය වෙයි. පොතට පිටකවරයක් දමා සිත්ගන්නා සුළු ලෙස සැකසීම එම පොත කෙරෙහි රුචිකත්වයක් ඇති කිරීමට ඉවහල් වෙයි. සමහර ශිෂ්‍යයන් අඩනිරුවත් කාන්තා රූප වැනි මනස විකෘති කරවන පිටකවර පොත් සඳහා යොදයි. එවිට ශිෂ්‍යයා පාඩම් කිරීමට පොත අතට ගන්නා විටම ඔහුගේ නෙත එම රූප සඳහා යොමුවෙයි. අනතුරුව ඔහු පාඩම් කිරීමට පෙළඹෙන්නේ අවුල් වූ මනසකින් යුතුවය. එය පාඩම් කිරීමට උචිත තත්වයක් නොවේ. එහෙයින් මනස සන්සුන් කරවන චිත්‍රයක්, පරිසර අංගයක් (සතුන්, ගස්කොලන්, ස්වභාවික දර්ශන) වැනි ඡායාරූපයක් පොතේ පිටකවරයට උඩින් යෙදිය යුතුය. වෙළඳපොලේ රු. 5/- ක් වැනි මුදලකට මෙවැනි වර්ණවත් ඡායාරූප මිලදී ගත හැකිය.

පාඩම් කිරීමට පෙර සියලූ දෙනා තුල ඊට සුදුසු මානසිකත්වයක් ගොඩනගා ගත යුතුය. නිවසේ ඇති ප්‍රශ්නයක් හෝ වෙනයම් හේතුවක් නිසා වියවුල් මනසක් ඇතිවිට පාඩම් කිරීමට ප්‍රථම සිත නිරවුල් කරගත යුතුය. ඒ සඳහා භාවනාව ඉතා හොඳ මාර්ගයකි. එමෙන්ම නිවසින් පිටතට විත් මල්ගසක් වැනි ස්වභාව සෞන්දර්යේ අංගයක් හොඳින් නිරීක‍ෂණය කිරීම තුළින්ද සිත නිරවුල් කරගත හැකිය. නිවස තුළ මාලූ ටැංකියක් තිබේ නම් එහි මාලූන්ගේ හැසිරීම නිරීක‍ෂණයද ඊට හොඳ විකල්පයකි.

යා යුතු                                     මඟ
පෙර                                         අග
වේය පිටගැට                    ලඟ ලඟ
විමසන්නල තබන විට පය    ඒ මඟ


-දිලාන් ද සිල්වා-

11. පාඩම් කලයුතු තැන

March 30, 2012

අධ්‍යාපනය ලබන ශිෂයෙකුට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නිශ්චිත ස්ථානයක් තිබිය යුතුය. නිවසේ වෙනම කාමරයක් මේ සඳහා තෝරාගත යුතුය. මෙම කාමරය තෝරාගත යුත්තේද නිවසේ සාමාජිකයන් නිතර නිතර නොඑන කාමරයක් විය යුතුය. කාමරයට හොඳින් වාතාශ්‍රය මෙන්ම ආලෝකයද ලැබිය යුතුය. ආලෝකය ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා හොඳ තත්වයේ විදුලි පහනක් භාවිතා කල යුතුවෙයි. මේ සඳහා සුදු ආලෝකය ලබාදෙන CFL පහන් වඩා සුදුසු වෙයි. එමෙන්ම මේ සඳහා ප්‍රතිදීප්ත පහන් ද උචිත වෙයි. එහෙත් කල්යාමේදී ප්‍රතිදීප්ත පහන් වලින් ශබ්දයක් නිකුත්වන අතර එවිට එය පාඩම් කිරීමට බාධාවකි. එවැනි අවස්ථාවලදී හැකි ඉක්මනින් ඊට පිළියම් යෙදිය යුතුය. කාමරයේ වාතයට විවෘත ජනේලයක් යෙදිය යුතුය. කාමරයේ වාතයට විවෘත ජනේලයක් පවතී නම් ඒ අසලින්ම පොත් මේසය තබාගැනීම උචිත වෙයි. හොඳ වාතාශ්‍රයක් ලැබීමටත් හිරු එලිය හොඳින් ලැබීමටත් එය ඉවහල් වෙයි. මෙහිදී නිවසෙන් එලියේ සිදුවන ක්‍රියාකාරකම් ඔබට බාධාවක් නම් කෙටි ජනෙල් රෙද්දක් ජනේලයට යෙදීම සුදුසු වෙයි. එමෙන්ම නිතරම පාහේ ඔබේ අධ්‍යන කාමරය පිරිසිදුව තබාගැනීමට වග බලාගත යුතුය. ඔබ පාඩම් කරන්නේ ප්‍රියමනාප පරිසරයක සිට නම් එය ඔබේ පාඩම් වැඩ වලට මනා පිටුවහලක් වනු ඇත.

                                                              ජායාරුපය:මෙතනින්

එමෙන්ම ඔබට පුස්තකාලයක් ද තිබීම ඔබේ කාමරය පිළිවෙලට තබාගැනීමට මහත් උපකාරයකි. ඔබේ පොත් මේසය මත පොත් අතවශ්‍ය ලෙස ගොඩ ගැසීම උචිත නොවේ. පාඩම් කරන විට ඒ සඳහා අවශ්‍ය කරන පොත් පමණක් මේසය මතට ගන්න. අමතර පොත් පුස්තකාලය තුල තැබීම යෝග්‍ය වේ. එමෙන්ම ඔබේ අධ්‍යන කාමරය තුලට ඔබ පාඩම් කරන මේසය මතම ඔබට අවශ්‍ය පින්, ෆයිල් කටු, හාෆ්සීට් වැනි දෑ තබා ගැනීමෙන් පාඩම් කරන විට විටින් විට නැගිට යාමෙහි අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. එමෙන්ම අතේ දුරින් වතුර බෝතලයක්ද තබාගැනීම යෝග්‍ය වෙයි.

එමෙන්ම අධ්‍යන කාමරය තුල නිදන ඇඳ තිබීම හෝ හාන්සි පුටුවක් තිබීම එතරම් හොඳ කටයුත්තක් නොවේ. විශේෂයෙන් ඇඳ දකින විට නිදිමත දැනෙන පිරිසට එය සුභදායී නොවේ. සමහරු ඇඳේ ඇලවී පාඩම් කිරීමට යයි ඒ අය ටික වේලාවකින් පොත ඇගමත තිබියදීම සුව නින්දට වැටෙයි. එහෙයින් බොහෝ විට නිදන කාමරය වෙනමත්, අධ්‍යන කාමරය වෙනමත් තිබීම සුදුසු වෙයි. එහෙත් පාඩම් කරන බව ඇඟවීමට ලයිට් දමා කාමරයේ ඇඳට වී නිදන අයට මෙයට අකමැති වනු ඇත.

එමෙන්ම ශිෂ්‍යයන් පාඩම් කරන ඉරියව්ව වැදගත් වෙයි. බොහෝ දෙනා පාඩම් කරන ඉරියව්ව වන මේසය ආසන්නයේ ඇති පුටුවේ ඉඳගෙන පොත මේසය මත තබා පාඩම් කිරීම හොඳම ඉරියව්ව ලෙස සැලකිය හැකිය. මක් නිසාද යත් ශිෂ්‍යයන් විභාගයට ලියන්නේද එම ඉරියව්වෙන්ම වීම නිසාය. මුලසිටම විභාග ඉරියව්වෙන්ම අධ්‍යන කටයුතු කිරීම විභාගයට මනා පිටුවහලකි. නමුත් එකම ඉරියව්වෙන් එක දිගට වැඩකිරීම අපහසු නම් ටික වෙලාවක් හිටගෙන පාඩම් කිරීම වැනි ක්‍රම අනුගමනය කල හැකිය. එහෙත් ඇඳමත දිගාවී අධ්‍යන කටයුතු කිරීමට යාමෙන් සිදුවන්නේ මා කලින් සඳහන් කල පරිදි සුව නින්දකට වැටීමයි. නිවසේ සිට පාඩම් කරන විට අධ්‍යයන කාමරය තුලට විවිධ අය පැමිණීම නිසා බාධාවන් එල්ල වෙයි. එහෙයින් පාඩම් කිරීම ආරම්භ කිරීමට පෙර කාමරයේ දොර වසා තැබීම සුදුසුය.

කෙසේ වෙතත් සමහර ශිෂ්‍යයන්ට නිවසේ සිට අධ්‍යන කටයුතු කිරීමට පහසුකම් නැත. සමහරවිට ඔවුන් ඊට රුචි නැත. එහෙයින් එවැනි අය පුස්තකාල වලට යයි. විවිධ හේතු නිසා පුස්තකාලවලට පාඩම් කිරීමට යන සමහර ශිෂ්‍යයන් පාඩම් කිරීම පසෙක තබා වෙන වෙන අනවශ්‍ය දේවල නිරත වෙයි. කල්ලි ගැසී සම්පුප්පාපයේ යෙදීම, චිත්‍ර බැලීමට යාම ඒ අතුරින් ප්‍රධාන වෙයි. එමෙන්ම දුම්වැටිය දෙතොල මත තබාගෙන ජීවිතයේ සුන්දරත්වය (ඔවුන්ට සාපේක්ෂව) විදීමට උත්සහ දරණ අයට තමන් පුචිචන්නේ වටිනා තරුණ ජිවිතයක් මෙන්ම දෙමවුපියන්ගේ ශක්තිය බව අවබෝධ නොවේ. එමෙන්ම එය ඔවුන්ට අවබෝධ කරවීමට
කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්ද නොමැත. මෙම චිත්‍රයත් හා විභාගයත් අරමුණු කරගෙන අධ්‍යාපනය හදාරණ ඔබ සම්බන්ධ විය යුතු ආකාරය වෙනම පරිච්ඡේදයකදී සාකච්ඡා කර ඇත. එමෙන්ම එක දිගට අධ්‍යයනයේ යෙදෙන විට මානසිකව වෙහෙසට පත්වෙයි නම් අතර මැද (පැය 1/2 කට වරක්) විවේකයක් ගත හැකිය. එය පාඩම් කරන සමාජයෙන් එළියට විත් පරිසරය සමඟ එකතුවීම වැනි ක්‍රියාකාරකමක් මගින් ලබාගත හැකිය.

තමා ආ කාරණය තෝරා ගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව අධ්‍යන කටයුතු කිරීමෙන් පුස්තකාලයට පැමිණි කාරණාව මනා ලෙස ඉෂ්ට කරගත හැකිය. එමෙන්ම කණ්ඩායම් වශයෙන් කොතරම් පාඩම් කිරීමද කළ හැකිය. එහෙත් වැඩි සංඛ්‍යාවක් එසේ එකතුවීමද උචිත නොවේ. උපරිම වශයෙන් 3 පමණ සුදුසු බව කිව හැකිය. එහිදීද තවත් එකඟ වූ අරමුණු සිතේ තබාගෙන ම්තුරන්ගේ උපකාරයද ලබාගෙන පාඩම් කළ යුතුය. එසේ නැතිව කාමරයට පාඩම් කරන මුවාවෙන් සිගරට් බීම, අසභ්‍ය චිත්‍රපට බැලීම වැනි දේ නොකළ යුතුය.
එමෙන්ම දරුවන් එසේ කණ්ඩායම් වශයෙන් පාඩම් කරන විට ඔවුන්ට දෙමාපියන්ද උපරිම සහයෝග දැක්විය යුතුය. එමෙන්ම ඔවුන් කරන දෑ පිළිබඳව ඔවුන්ට බධා නොවන ලෙස සොයා බැලිය යුතුය.

” අනාගතය වනාහි අපගේ කැපකිරීම් වල ඵලයයි.”


-දිලාන් ද සිල්වා-

10. පාඩම් කිරීමට සුදුසු වේලාව

March 30, 2012
පාඩම් කිරීමට දවසේ අසවල් වේලාව සුදුසු යැයි පැවසීම උචිත නොවේ. මක් නිසාද යත් දවසේ අවදිව සිටින සෑම මොහොතක්ම පාඩම් කිරීමට යොදාගත හැකි නිසාය. මේ අනුව බලන සලකා බලන විට පාන්දර මෙන්ම රාත්‍රියේද පාඩම් කිරීමෙහි වාසි ඇත. අප පාඩම් කළයුතු වේලාව තෝරාගත යුත්තේ අපට වඩා සුදුසු යැයි හැගෙන කාලයයි. එමෙන්ම අලූයම 4 – 6 හෙවත් බ්‍රහ්මණ වේලාව ඕනෑම විෂයක් පාඩම් කිරීමට සුදුසු ලෙසත්, රාත්‍රි  11 – 4 නින්දට සුදුසු ලෙස හඳුන්වයි. එහෙත් සමහර ශිෂ්‍යයන් පාඩම් කිරීමට නැකත් උදාවන තුරු බලා සිටී. පාඩම් කිරීමට නියමිත වේලාව උදාවන තුරු සිටීම නොකළ යුත්තකි. පාඩම් කිරීමට වේලාවක් ලැබුණ විගස පාඩම් කිරීම ආරම්භ කළ යුතුය.
 ’බලා සිටින්න එපා` හිරි වේලාව කිසිවිටෙක උදා නොවෙයි. හරි වේලාව නම් අපට කි්‍රයා කල හැකි වේලාවයි. අදම පටන් ගන්න. ඔබ හිටගෙන සිටින තැනදීම පටන් ගන්න. (Paul P paker).

ශිෂ්‍යයන් පිරිසක් රෑ නිදි මරා පාඩම කරන විට තවත් පිරිසක් පාන්දරම අවදි වී පාඩම් කරයි. මීට අමතරව දවල් කාලයද පාඩම් කිරීමට යොදාගත හැකිය. එහෙත් බොහෝ දෙනා එම කාලය අමතක කර දමන්නේ පාසල් හා ටියුෂන් යාම නිසාය. ටියුෂන් හා පාසලට සැලකිය යුතු තරම් කාලයක් වැයවන මුත් එම කි්‍රයාවලි දෙකට අමතරව ඉතිරි වන කාලයක් අධ්‍යාපනය සඳහා යොදා ගැනීම කළ හැකි මුත් බොහෝ දෙනා එම කාලය අතහැර දමයි. මෙසේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන මංගලගේ දින චර්යාව සලකා
බලමු.

5.00 ට අවදි වීම
5.00 – 6.00 පාඩම් කිරීම
6.00- 6.30 පෙර සුදානම් වීම
6.30 – 8.00 පාසලට ලඟා වීම
8.00 – 2.00 පාසල් කාලය
2.00 – 3.00 පන්තියට ලඟා වීම
3.00 – 6.00 පන්ති කාලය
6.00 – 7.00 නිවසට ලඟා වීම
7.00 – 9.00 වෙනත් කටයුතු
9.00 – 12.00 පාඩම් කිරීම

මේ කාල සටහන අනුව පෙනෙන්නේ මංගල ප්‍රධාන වශයෙන් පාඩම් කරන්නේ රාත්‍රි කාලයට බවත්, ඔහු දිනකට පාඩම් කරන්නේ පැය 4 ක් පමණක් බවත්ය. එහෙත් ඔහු සත්‍ය වශයෙන් පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාලය වැඩි වශයෙන් පාඩම් වැඩවලට යොදාගන්නේ කෙසේදැයි බලමු.

මංගල 6.00 සිට 6.30 දක්වා කාලය තුල සාමාන්‍යයෙන් පිරිසිදු වීම, පාසල් යාමට සුදානම් වීම හා ආහාර ගැනීම සිදුකරයි. එමෙන්ම ඔහු එම කාලය තුළ පාඩම් කිරීම සිදු කරයි. මංගල සාමාන්‍යයෙන් පාසල් යන්නේ බස් රථයෙනි. එහිදීද ඔහු කෙටි සටහන් පාඩම් කරයි. උදෑසන බස්වල ඇසෙන Nonstop සින්දු ඇසීමට වඩා එය සෑම අතින්ම ඵලදායි කටයුත්තකි. බස් රථයේදී බැලීමට කෙටි සටහන් අඩංගු කුඩා කාඩ් පතක් සාක්කුවේ රඳවාගෙන යෑම ඔහුගේ පුරුද්දකි.

මංගල පාසලේදී ද ලැඛෙන සෑම කෙටි විවේකයකදීම කෙටි සටහන් කියවීමට හෝ ගණනක් දෙකක් සෑදීමට අමතක නොකරයි. විවේක කාලයදී පවා ඔහුගේ හා මිතුරුකැලගේ මාතෘකාව වශයෙන් තෝරා ගත්තේ අධ්‍යාපනික කරුණකි.
තවද ඔහු ආහාර ගන්නා විට නිතරම වාගේ ඔහු ඉදිරියෙන් කෙටි සටහන් හෝ ක්‍රියාත්මක කළ කැසට් රෙකෝඩරයක් දැකිය හැකිය. මෙසේ බැලු කල සාමාන්‍යයෙන් මංගල දිනකට පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාල සටහනට අනුකූලව වැඩ කිරීම උචිත වුවත් එයටම ඇබ්බැහිවීම අවශ්‍ය නොවේ. සමහර
අවස්ථාවල එය අවස්ථානුකූලව වෙනස් කර ගතයුතු වෙයි.

මංගල පාසල් නිමකර පන්ති ගොස් එනවිට රාත්‍රි 7.00 පමණ වන අතර එවිට ඔහුට ගමන තෙහෙට්ටුව නිසා රාත්‍රියට පාඩම් කිරීම අපහසු වූ අවස්ථා ඇත. එවැනි අවස්ථාවලදී ඔහු වේලාසනින් නින්දට ගොස් එම අතපසු වූ වේලාව ආවරණය කිරීමට පසුදා වේලාසනින් නැගිට කෙසේ හෝ ඔහු දිනකට පාඩම් කරන පැය ගණන නොවෙනස්ව තබා ගනී. එමෙන්ම ඔහු සාමාන්‍යයෙන් නින්දට යාමට පෙරද පටිගත කරන ලද කැසට් පට ශ්‍රවණය කරයි.

මංගල එක දිගට පාඩම් කරන්නේ රාත්‍රි කාලයටයි. (රාත්‍රි 9 – 12) අතර සමහර ශිෂ්‍යයෝ මෙසේ රාත්‍රියට පාඩම් නොකර පාන්දර නැගිට පාඩම් කරති. පාන්දරට පාඩම් කරන විට හොඳට මතක හිටින බවට සමහර ශිෂ්‍යයෝ පවසති. එමෙන්ම පාන්දර මොළයට යමක් ශ්‍රවණය කරගැනීමේ තීව්‍රතාව අධික බව සොයාගෙන ඇති නිසා ඉහත කරුණු සත්‍ය බව සිතිය හැකිය. එහෙත් නිමල් වැනි පළමුවර විභාගයට මුහුණදෙන ශිෂ්‍යයන්ට රාත්‍රියට නිදිවරා පාඩම් කිරීමට වඩා උදෑසන පාඩම් කිරීම යෝග්‍ය වෙයි.

එයට හේතුව වන්නේ දහවල් කාලයේ පාසල් ටියුෂන් ගොස් මෙහෙස වී සිටින විට ඉක්මනින් නිදිමත පැමිණීමයි. මෙයින් රාත්‍රියට පාඩම් නොකල යුතු බවට අදහස් නොකෙරේ. රාත්‍රියට තමන්ට හැකි වේලාවක් පාඩම් කළ යුතුය. කෙසේ වුවත් රාත්‍රියට හෝ කිසියම් වේලාවකදී “නිදි මරගාතේ” පාඩම් කිරීම නොකළ යුතුය. නිදිමත, ප්‍රබලව දැනෙන්නේ නම් එයට ඉඩදිය යුතුය.

විභාගය ළංවන විට බොහෝ දෙනා විභාගය ලංවන විට නිදිමතේ ඔලූව කඩා වැටෙද්දී නැවත නැවත පාඩම් කරයි. සමහරු කකුල් දෙක වතුර බේසමේ දමාගෙන පාඩම් කරයි. ඒවා එතරම් ඵලදායි නොවන බව පැවසිය යුතුයි. නිදිමත පැමිණෙන විට මුහුණ සේදීම හෝ කෙටි ව්‍යායාමයක් කිරීම, කෝපි කෝප්පයක් බීම වැනි ක්‍රම තුළින් නැවත ප්‍රකෘති තත්වයට පැමිණීමට හැකිවේ. එසේ කර නැවත පාඩම් කළ හැකිය. කෝපි පානය කිරීම තුළින් එහි ඇති කැෆෝන් නම් උත්තේජකය නිසා ප්‍රබෝධජනක තත්වයක් ඇතිවීම එයට හේතුවයි. එහෙත්
එයින් අහිතකර තත්වයන්ද ඇති විය හැකිය. දිනකට ශරීරයට දරාගත හැක්කේ කැෆෝන් මිලි.ග්. 600 කි. එක් කෝපි කෝප්පයක කැෆෝන් ග්. 100 ක් ද තේ කෝප්පයක කැෆෝන් ග්. 60 ක්ද පවතී. දිනකට ශරීරයට දරා ගත හැකි කැෆෝන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වුවහොත් අමතර කැෆෝන් මගින් ශරීරයේ ශක්තිය අඩපණ කරයි.

                                                                   ජායාරුපය:මෙතනින්

එහෙත් මුලසිටම ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු කළ අයෙකුට මෙසේ වැඩි වේලාවක් නිදි වැරීමේ අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. තවද උදෑසන පාඩම් කිරීමට අවදිවීම තුළින් පාසල් යාම පෙර පිරිසිදු වීම වැනි කටයුතු ද මනා ලෙස ඉටුකර ගත හැකිය. එයින් පාසැලට ප්‍රමාදව පැමිණීමද වළක්වා ගත හැකිය.

රාත්‍රි පාඩම් කිරීමේද වාසි පවතියි. ශිෂ්‍යයෙකු පාඩම් කළ පසු එම කරුණු නින්දේදී හොඳින් මතකයේ තැන්පත් වන බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් පවසයි. එහෙයින් රාත්‍රියට පාඩම් කරන ශිෂ්‍යයාට නින්දේදී පාඩම් කළ කරුණු හොඳින් අවධාරණය වෙයි.

” අද කළ යුත්තේ අද කළයුතු දෙයයි.”


-දිලාන් ද සිල්වා-

09. අධ්‍යාපනය – සංගීතය

March 30, 2012
එක දිගටම මනස වෙහෙසා අධ්‍යාපන කටයුතු කරනවිට තේරුම් ගැනීමේ හැකියාව, මතක තබාගැනීමේ හැකියාව අඩුවෙනවා. එයට හේතුව වන්නේ මනස වෙහෙසීමත් සමග රුධිර පීඩනය, හෘද ස්පන්දනය, ස්වශන වේගය වැඩිවීමත් මාංශපේශී තද වීමත් මොලයේ කම්පන වේගය වැඩිවීමත් සිදු වීමයි. එමෙන්ම හොඳින් යමක් මතක තබාගත හැකි වන්නේ මනස විවේකීය හා තිව්‍රව ඇති විටයි. මෙම අවස්ථාව “Restfully Allert State” ලෙස හඳුන්වනවා.මෙය මනසේ ඇති විශේෂ අවස්ථාවක් වන අර මෙවැනි කායික හා මානසික හැකියාවක් නැවත නැවත ඇති කිරීමට සංගීතයට හැකියාවක් ඇත.

මෙය George Lozanov විසින් ලොවට හඳුන්වා දෙන ලදී. ඔහු විසින් මෙසේ සංගීත ඛණ්ඩ මගින් මිනිස් මනස හා ශරීරය විවේක හා තිව්‍ර ස්වභාවයකට පත්කල හැකි බවත්, එවිට මනස ඕනෑම දෙයක් වේගවත්ව ඉගෙනගත හැකි බවක් ඒවා දීර්ඝකාලයක් මතකයේ පවතින බවද පෙන්වා දෙන ලදී. මෙම විශේෂ සංගීත ඛණ්ඩ බාරොක් (Baroque Music) සංගිතය ලෙස හඳුන්වන අතර මෙම සංගීතයේ රිද්මය විනාඩියට 60 පමණ වෙයි. මෙම සංගීතය මගින් මනසේ මෙන්ම ශරීරයේද වෙනස්කම් කල හැකි නිසා එය අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ට ඉමහත් ප්‍රයෝජනයකි.

                                                           

” ගන්න ගත යුතුදේ – දෙන්න දිය යුතු දේ “


 -දිලාන් ද සිල්වා-

08. අධ්‍යාපනය – තාක්ෂණය

March 30, 2012
තාක්ෂණය අතින් ඉහළ දියුණුවක් ලබා සිටින වර්තමාන සමාජයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්වද තාක‍ෂණය සිය අධ්‍යාපනයට යොදා ගැනීමේ පහසුව ලැබී තිබේ. එය උපරිම අයුරින් යොදාගත යුතුය. කැසට් රෙකෝඩරයක රූපවාහිනිය, පරිගණකය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා භාවිතා කළ හැකි ප්‍රධාන තාක‍ෂණික මෙවලම්ය.

එමෙන්ම මේවා අධ්‍යාපනයේ උන්නතියට මෙන්ම පසුබැස්මට ද හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව ද පරිස්සම් විය යුතුය. කැසට් රෙකෝඩරය පංතියේ දේශන, කෙටි සටහන් පටිගත කර පසුව ග්‍රවණය කිරීමට යොදාගත හැකිය. නින්දට යෑමට පෙර ඇඳේ හාන්සි වී සිටින කාලයේදී, බස් රියේදී මෙම පටිගත කළ දේට සවන්දීම තුළින් ලබාගත හැකි පිටුවහල ඉමහත්ය. මෙසේ කැසට් රෙකෝඩරය මගින් පටිගත කරන කැසට් පට වලට කෙටි සටහන් යනාදිය පටිගත කිරිමේදී ප්‍රශ්න ආකාරයෙන් පටිගත කර ඊට අදාල පිළිතුරුද පටිගත
කළයුතු අතර ප්‍රශ්නය හා පිළිතුර අතර කෙටි විරාමයක් තැබිය යුතුය. එවිට ඔබට එම කාල පමාව අතරතුරදී ප්‍රශ්නයට අදාල ප්‍රශ්නය ස්මරණය කළ හැකිය. එසේ නොහැකි වුවහොත් ඊට අදාල පිළිතුර පසුව ශ්‍රවණය වෙයි.

මෙසේ පටිගත කළ කැසට් පටවල ඒවායේ අන්තර්ගතය පිළිබඳ සටහන් කර ඒවා කිසියම් ස්ථානයක පිළිවෙලට රඳවා තැබීම කිරීමෙන් අවශ්‍ය අවස්ථාවලදී ආයෝජනයට ගත හැකිය. මෙසේ කැසට් පටවල පටිගත ඒවා ක‍ෘ වලට පිටපත් කිරීම මගින් ඒවා වැඩිකලක් හොඳ තත්වයෙන් තබාගත හැකිය. එවිට පරිගණක ආධාරයෙන් එය ශ්‍රවණය කළ හැකිය.

එමෙන්ම ඒ ඒ විෂයන් සඳහා සකස් කෙරුණ මෘදුකාංග ද ඇත. එමෙන්ම විවිධ අධ්‍යාපන කෘතිද ඇත. ඒවා පරිහරණය කිරීම තුලින් දැනුම මෙන්ම ඉගෙනීමට ඇති උනන්දුවද වැඩිවෙයි. රූපවාහිනියේ යන “අධ්‍යාපනික සේවය” මගින් ද දැනුම ලබාගත යුතුය. එමෙන්ම වැදගත් රූපවාහිනී වැඩසටහන් තුලින් ශිෂ්‍යාගේ සාමාන්‍ය දැනීම ඉහළ තලයට නංවාලිය හැකිය. එමෙන්ම පාඩම් කර වෙහෙසට පත් වී සිටින අවස්ථාවකදී රූපවාහිනි වැඩසටහනක් නැරඹීම, පරිගණකය සමග මද වේලාවක් වැඩකිරීම, ගීතයක් ඇසීම මගින් ඒකාකාරීව පාඩම්
කිරීම නිසා ඇතිවූ වෙහෙස / ආතතිය තුනී වී යයි.

                                                          ජායාරුපය:මෙතනින්

එහෙත් මෙසේ පාඩම් කරන අතර තුර ඒකාකාරී බවෙන් මිදීමට යැයි කියා එකදිගට රූපවාහිනිය බැලීම යොමු වීම උචිත නොවේ. ඒ සඳහා සුළු වේලාවක් යොදාගත යුතුය. මෙහිදී සමහර වැඩසටහන් කෙරෙහි ප්‍රේක‍ෂකයා ඇද තබාගන්නා නිසා බොහෝ වේලාවක් එය බැලීමට සිත් දෙයි. එහෙයින් සුව පහසුව රූපවාහිනිය බැලීමට වඩා හිටගෙන එය බැලීම තුළින් රූපවාහිනිය බලනකාලය අඩු කරගත හැකිය.

” කිසිවක් සුදු හෝ කලූ නොවේ. එය සුදුද කලූද යන්න තීරණය වන්නේ එය යොදාගන්නා දේ අනුවය.”


-දිලාන් ද සිල්වා-


Follow

Get every new post delivered to your Inbox.