March 30, 2012
මා විසින් උසස් පෙල හදාරා ප්‍රථිපල එනතුරු සිටි කාලයේ මා ලත් දැනුම අවබෝධය කැටිකර “උසස් පෙළ ජයගනිමු” නමින් කුඩා පොත් පිංචක් රචනා කලේ එය මා වැනිම පිරිසක් හා බෙදාගැනිමේ අටියෙනි. එහෙත් මෙතෙක් එය මෘදුපිටපතක් ලෙසින් පරිඝනකයේම තිබිණි. මා හිතවත් කිහිපදෙනෙකු හැර එම පොත් පිංච කියවු වෙන අයෙකු නැත.

වෘත්තියෙන් කතුවරයෙකුවත් ගුරුවරයෙකුවත් නොවෙමි. එහෙත් දන්නාදේ බෙදාදිමට මැලිනොවන්නෙක්මි.
මෙයින් ප්‍රයෝජනගත හැකි අයව මෙයට යොමු කරවන්න.

21.e. උපලේඛන 5 (වෘත්තිය පාඨමාලා)

March 30, 2012

විශාලකර බැලිමට ජායාරුපය මත ක්ලික් කරන්න

21.d. උපලේඛන 4 (වෘත්තිය මාර්ගෝපදේශක අංශ)

March 30, 2012
1) වෘත්තිය මාර්ගෝපදේශක අංශය,
යෞවන කටයුතු හා කී්‍රඩා අමාත්‍යාංශය,
අංක 64, දෙවන මහළ,
කෙළින් වීදිය,
බත්තරමුල්ල.

21.c. උපලේඛන 3 (උපාධි නොවන පාඨමාලා)

March 30, 2012
රුහුණු විශ්ව විද්‍යාලය
1. මවුකිරි දීම කළමණාකරනය කිරීමේ ඩිප්ලෝමා පාඨමාලාව
2. ඉංග්‍රිසි සහතික පත්‍ර පාඨමාලාව
3. පරිසර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
1. නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
2. ජනසන්නිවේදන හා ලේඛණත්ව ඩිප්ලෝමා පාඨමාලාව
3. උපදේශක සේවා සහතික පත්‍ර පාඨමාලාව

කැළණිය විශ්ව විද්‍යාලය
1. ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව
2. පුස්තකාල හා විද්‍යා හා විද්‍යා ඩිප්ලෝමාව
3. පුස්තකාල හා ලේඛණ සේවා පිළිබඳව වෘත්තීය උසස් සහතික පත්‍ර පාඨමාලාව
4. ඉංග්‍රිසි ඩිප්ලෝමාව
5. කථික හා භාෂා චීකිත්සක ඩිප්ලෝමා පාඨමාලාව
6. ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන සහතික පත්‍ර පාඨමාලාව

රජරට විශ්ව විද්‍යාලය
1. ප්‍රජා සංවර්ධන ඩිප්ලෝමාව

කොළඹ විශ්ව විද්‍යාලය
1. අධිකරණ වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාව
2. ඔෂධවේදී ඩිප්ලෝමාව
3. ජනමාධ්‍ය ඩිප්ලෝමාව
4. මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
5. වෘත්තිකයන් සඳහා ඉංගී්‍රසි සහතික පත්‍ර ඩිප්ලෝමාව
6. නීතිය පිළිබඳ ඉංගී්‍රසි සහතික පත්‍ර පාඨමාලාව
7. පරිපාලන හා අධ්‍යාපන කටයුතු සඳහා උසස් ඉංගී්‍රසි ඩිප්ලෝමා පාඨමාලාව.

මොරටුව විශ්ව විද්‍යාලය
1. නක‍ෂත්‍ර විද්‍යා ජාතික ඩිප්ලෝමාව
2. මැණික් විද්‍යා පාඨමාලාව
3. භූ විද්‍යා පාඨමාලාව
4. රටා නිෂ්පාදන හඳුන්වාදීමේ පාඨමාලාව
5. නිෂ්පාදන කළමණාකරණ හා සංවිධාන පාඨමාලාව
6. ඇගලූම් කර්මාන්තය සඳහා තත්ව පාලන පාඨමාලාව
7. කාර්ය අධ්‍යයන පාඨමාලාව
8. Merchandising
9. ඇඟලූම් කර්මාන්තය සඳහා පේෂ කර්ම පාඨමාලාව
10. පොලිමර් තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
11. Auto Cad
12. Certificate of attendance Course

විශ්ව විද්‍යාලවල පැවැත්වෙන උපාධීි පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත පරිහරණය කරන්න.

21.b. උපලේඛන 2 (මතින් මිදිමට)

March 30, 2012
1) පූදීන මල් ව්‍යාපාරය,
මල් මැදුර, අංක 60,
හෝර්ටන් පෙදෙස,
කොළම 07.

21.a. උපලේඛන 1 (ශිෂ්‍යාධාර ප්‍රදානය ආයතන)

March 30, 2012
1) සරසවි පිවිසුම් පෙල ශිෂ්‍යාධාර ප්‍රදානය
සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය
අංක 380, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

2) සම්බන්ධීකරණ ලේකම්
සීතා ගුණතිලක මිය
ශ්‍රී ලංකා කැනඩා මිත්‍රත්ව පදනම
කොටුවේ ගොඩ, රාජගිරිය.

3) ටී.බී. තලගුණේ ශිෂ්‍යත්ව භාරය
20/78, කාසල් පෙදෙස,
මත්තේගොඩ,
පොල්ගස්ඕවිට

4) AL – AGLA ශිෂ්‍යත්ව පදනම
23/3, මාර්කට් පාර,
දුර්ගා නගරය
12070

5) N.S පෙරේරා ශිෂ්‍යත්ව අරමුදල
සම්බන්ධීකරණ ලේකම්
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය
කඩුවෙල.
(මෙම පාසලේ ශිෂ්‍යයන්ට)

6) ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක සේවා පදනම
කර්මාන්ත හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සංගමය
අංක 73/1, ගාලූ පාර,

කොළඹ – 03.
(යුද්ධය විසින් රණ විරුවන්ගේ පවුල්වල දරු දැරියන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා)

7) මහ කළු හෙළ කොටි
වෙබ් අඩවිය මගින් යුද්ධයෙන්
පීඩාවට පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙයි.
අංක 255/06, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට, කොළඹ 08.

8) ප්‍රධානාචාර්ය
රතනපාල දහම් පාසල,
අත්තිඩිය පාර,
රත්මලාන.

20.a. අපේ කාලයේ කථාවක්…… (මගේ කථාව)

March 30, 2012
මගේ කථාව……

මා 1998 වසරේ සා/පෙළ විභාගයේදී ඉංග්‍රිසි භාෂාව සඳහා ලබාගත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. තවද ඉන් අනතුරුව පිට පිටම වසර තුනක් සාමාන්‍ය පෙළ ඉංග්‍රිසි විෂයට ඉදිරිපත්වී ලබාගත්තේ සාමාන්‍ය සාමාර්ථයන්ය. අනතුරුව 2002 දී සම්මාන සාමාර්ථයක් ලබාගන්නා ලදි. මා පිට පිටම වසර හතරක් ඉංග්‍රිසි විෂයක් සාමාන්‍ය සාමාර්ථ ලබාගැනීමට හේතුව නම් මා විභාගයට ඉදිරිපත් වූයේ ඥාතියෙකුගේ බල කිරීම නිසාත් මා හට එම විෂය
කෙරෙහි කිසිඳු ආශාවක් නොතිබුණු නිසාත්ය. එහෙත් අවසානයේ මා එය උනන්දුවෙන් හාදාරා විභාගයට ඉදිරිපත් වූ විට සම්මාන සාමාර්ථයක් ලබාගත හැකි විය.

මා 2001 වසරේ අ.පො.ස. (උසස් පෙළ) ට ඉදිරිපත් වී ලබාගත් සාමාර්ථයන් වූයේ සම්මාන සාමාර්ථයක් හා සාමාන්‍ය සාමාර්ථ දෙකකි. අනතුරුව මා දෙවන වර අධි සම්මාන සාමාර්ථයක් හා සම්මාන සාමාර්ථ දෙකක් ලබා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිය සඳහා සුදුසුකම් ලැබීය(3 වන අවස්ථාව). එහෙත් එය මාගේ සිතේ තිබුණු බලාපොරොත්තු වලට නොගැලපෙන නිසා නැවත වරක් විභාගයට ඉදිරිපත් වී A එකයි. B දෙකක ප්‍රතිඵලයක් ලබා මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක‍ෂණ උපාධි පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීය.

උසස් පෙළ ප්‍රතිඵලවලට අමතර ප්‍රමාණ සමීක‍ෂණ උපාධි පාඨමාලාවට ඇතුළත්වීමට තවත් එක් අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍ය වෙයි. එනම් සාමාන්‍ය පෙළ ඉංග්‍රිසි  විෂය සඳහා ක‍ සාමාර්ථයක් ලබා තිබීමයි. 2003 වසරේ උසස් පෙළ ප්‍රතිඵලය ද 2002 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයද මගින් මා මාගේ අනාගතය පැහැදිලි මාර්ගයකට යොමු කරවන ලදි.

යම් හෙයකින් මා සා/පෙළ ඉංග්‍රිසි  විෂයට නැවත ඉදිරිපත් නොවූයේ නම්?
උසස් පෙළ විභාගයට නැවත ඉදිරිපත් නොවූයේ නම් ?

” උත්සාහය වනාහි සමෘද්ධිමත් ජීවිතයකට මග හෙලි කරන්නෙකි.”


-දිලාන් ද සිල්වා-

20. විභාගයෙන් පසු

March 30, 2012
ප්‍රතිඵල එනතුරු:
දැන් ඔබ සිතේ තිබුණ නිදහස් වී හමාරයි. දැන් ඔබට කිසි බියකින් තොරව ගමන් බිමන් විනෝද චාරිකා යා හැකිය. එහෙත් එය සාර්ථක නිදහස් වීමක්ද යන්න තීරණය වන්නේ ඔබ විභාගයට හොඳින් මුහුණ දී තිබුණොත් පමණකි. විභාගයෙන් පසු ප්‍රතිඵල එනතුරු කාල පරාසය මාස 2/3 පමණ විය හැකිය. එම කාලයද ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න.
වර්තමාන සමාජය දෙස බලන විට ඉංග්‍රිසි දැනුම හා පරිගණක දැනුම ඕනෑම වෘත්තියකට තිබිය යුතු දෙයකි. එහෙයින් මෙම කාල සීමාවේදී එම විෂය දෙක කෙරෙහි අවධානය දැක්වීම යෝග්‍ය වෙයි. පිළිගත් අධ්‍යාපන ආයතනයකින් හෝ විධිමත්ව ඉංග්‍රිසි  උගන්වන ගුරුවරයෙක් මගින් ඉංග්‍රිසි භාෂාව ප්‍රගුණ කර ගන්න. පරිගණක අධ්‍යාපනය සඳහා ද විවිධ ආයතන පවතියි. ඒ පිළිබඳව දැනුමැති අයෙකු මගින් හොඳ පරිගණක ආයතනයක් තෝරාගෙනපරිගණක පිළිබඳව දැනුම ලබා ගන්න. හැකියාවක් පවතියි නම් පරිගණකයක් මිලට ගැනීම තුළින් තනිවම වුවද එය ඉගෙන ගැනීමට හැකියාව ඇත. පරිගණක පිළිබඳ පොත් සඟරා පරිශීලනයෙන් ඒ පිළිබඳව දැනුම පුළුල් කර ගන්න. පරිශීලනයෙන් ඒ පිළිබඳව දැනුම පුළුල් කරගන්න. එමෙන්ම මෙම කාල සීමාව තුළදී තමන්ගේ රුචිකත්වය පරිදි විවිධ ක්‍රියාකාරකම් වල නිරත විය හැකිය. මා මෙම කෘතිය ලිවීම ආරම්භ කළේ මා උසස් පෙළ ලියා අවසන් කර සිටි කාල සීමාවේදීය

ප්‍රතිඵල ආපසු :
විභාගය අවසන් වී මාස 3 කට පමණ පසු ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ඔබේ තත්ත්වය තීරණය කරන්න.
1) විභාගය සමත්වීම,
2) විභාගය අසමත්වීම,
3) අපේක්ෂා කල පාඨමාලාවට ඇතුළත්වීමට ලබාගත් ලකුණු ප්‍රමාණවත් නොවීම.
4) අපේක්ෂා කල පාඨමාලාවට ඇතුළත්වීමට ලබාගත් ලකුණු ප්‍රමාණවත් වීම.

ඔබ ඉහත 4 වන තත්ත්වයේ නොසිටින්නෙක් නම් හොඳම ක්‍රියාමාර්ගය වනුයේ නැවත වරක් විභාගයට පෙනී සිට කෙසේ හෝ 3 වන තත්වයට ලඟාවීමයි. අ.පො.ස. උසස් පෙළ තෙවන වර ප්‍රතිඵල මගින්ද විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකි නිසා එයින් ප්‍රයෝජන ලබා ගන්න. ඔබට විභාග ප්‍රතිඵල 4 වන මට්ටමට ලඟාවීමට තරම් ප්‍රමාණවත් නැති බව විභාගය අවසන් කළ පසු හැගෙන්නේ නම් ප්‍රතිඵල ඒමට පෙර සිටම නැවත වරක් විභාගයට සුදානම් වන්න. ටික කාලයක් අධ්‍යාපන කටයුතු වලින් ඈත්ව සිට නැවත එය ආරම්භ කිරීම අපහසු විය හැකිය. එහෙත් ඔබ නැවත වරක් විභාගයට පෙනී සිටීම තුළින් ඔබේ ඉදිරි අනාගතය විශාල
ධනාත්මක වෙනසකට ලක් කෙරිය හැකි බව මතක තබා ගන්න.

ඔබට විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාවක් නොලැබුණේ එයින් ඔබගේ අනාගතය අඳුරු වූ බව පිළිඹිබු නොවේ. මන්ද යත් ඔබට සාර්ථක අනාගතයකට උරුමකම් කීමට තවත් මාර්ග ගණනාවක් ඇති නිසාය.
ඔබට විශ්ව විද්‍යාල වල පැවැත්වෙන බාහිර උපාධි පාඨමාලා හැදෑරීම මගින් අධ්‍යාපන
සුදුසුකම් ලබාගත හැකිය.

උදා : ව්‍යාපාර පරිපාලන (Bsc)
         ශාස්ත්‍රවේදී (BA)

විවිධ වෘත්තිය ආයතන මගින්ද වාත්තීය සුදුසුකම් (උපලේඛන 5) ලබා ගත හැකිය. තවද කාර්මික විද්‍යාල, වෘත්තිය පුහුණු ආයතන, තරුණ සේවා සභාව වැනි ආයතනද මගින් ඔබේ අධ්‍යාපනයට ගැළපෙන වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට හැකිවෙයි. එමෙන්ම විශ්ව විද්‍යාලවල පැවැත්වෙන උපාධි නොවන පාඨමාලාද හැදෑරිය හැකිය. (උපළේඛණ 3)

ඔබ හැදෑරිය යුතු පාඨමාලා පිළිබඳව ඔබට උපදෙස් ලබාදීමට විවිධ ආයතන වල ඒ වෘත්තිය මාර්ගෝපදේශක අංශ පිහිටුවා ඇත. එම අංශ සතුව විවිධ පාඨමාලා රාශියක් පිළිබඳව විස්තර ඇති අතර ඔබට එය සුදුසු පාඨමාලාවක් තෝරා ගැනීමට ඉමහත් රුකුලකි (උප ලේඛණ 5)මතක තබා ගන්න, විභාගය අවසන් කිරීමෙන් පසුව නිකරුණේ කාලය අපතේ නොයවන්න. හොඳ වෘත්තිය පාඨමාලාවක් හැදෑරීමෙන් ඔබට සුරක්ෂිත අනාගතයක් ඇතිකරගත හැකිය. එමෙන්ම ඔබ තෝරා ගන්නා පාඨමාලාවෙන් ඔබට එම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ හැකියාව තිබිය යුතුය. (සටහන 1) ඔබ තෝරා ගන්නා විට විශේෂයෙන් පෞද්ගලික අංශයේ) එම
ආයතනයට ඇති පිළිගැනීම, පහසුකම් පිළිබඳව සොයා බලන්න.

19. ගැටලූ හා විසඳුම්

March 30, 2012
උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට විවිධාරයේ ගැටලූ මතුවේ. ඒවා විසඳාගෙන ඉදිරියට යා යුතුය. නැතහොත් එම ගැටලූ ඔබේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ හැකිය.

මූල්‍යමය ගැටලූ
නිවැසියන් අඩු ආදායම් සහිති වූවන් වූ විට ඔවුන්ට සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවිය හැකි මුදල් ප්‍රමාණයද අවම වෙයි. එවිට ඔවුන්ට සිය පොත්පත් මිලදී ගැනීම වැනි අධ්‍යාපන කටයුතුවලට මුදල් හිඟකම නිසා මානසිකව පීඩාවට පත්වෙයි. පාසලේ ගුරුවරුන් විසින් විවිධ හේතූන් නිසා පාසැලට මුදල් ගෙන යනලෙස පවසයි. මෙම කටයුතු සඳහා නිවසින් මුදල් නොලැබුණු විට පාසල් යාම ප්‍රතික්ෂේප කරන ළමුන්ද අප සමාජයේ සිටී.
පංතියේදී මුදල් රැගෙන නොආ සිසුන් පිළිබඳව සොයා බලන නිසා එහිද අනෙක් සිසුන් ඉදිරියේ අපහසුතාවයට ලක්වීමට ඇති අකමැත්ත නිසා පාසල් යෑමට අකමැතිවීමට හේතුවයි. එහෙයින් මෙහිදී ගුරුවරුන් ද අදාල ශිෂ්‍යයන්ගේ පවුල් පසුබිම තේරුම් ගෙන ඔවුන් අපහසුතාවයට පත්නොවන අයුරින් කටයුතු කිරීම උච්ත වෙයි. එමෙන්ම අදාල මුදල් ගෙවීම අපහසු නම් ඒ පිළිබඳව ගුරුවරුන්ට දැන්වීම තුලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත. එමෙන්ම විෂය සමගාමී පොත්පත් මිලදී ගැනීමට සිදුවන අවස්ථාද වෙයි. හැකිතරම් දුරට පුස්තකාල පරිහරණයෙන් එම පොත් ලබාගෙන ඒ සඳහා වැයවන මුදලද ඉතිරි කර ගත හැකිය. දෙමාපියන් ඔබට දෙන සෑම රුපියලක්ම ඉගෙනීමට ගන්නා මහන්සිය ගැන සිතා එම මුදල් අරපිරිමැස්මට පරිහරණය කල යුතුය. පෞද්ගලික උපකාරක පංති වලට යනවිට ආහාර වේල් නිවසින් රැගෙන යාම තුලින් ආහාර සඳහා වෙළඳසැල් වෙත පූජා කරන විශාල මුදලක් ඔබට ඉතිරිකර ගත හැකි වනු ඇත. උසස් අධ්‍යාපනය හැදෑරීමේදී ආර්ථීක දුෂ්කරතා ඇති  සිසුන්ට මුදල්මය අතින් උපකාර කරන ශිෂ්‍යත්ව පදනම් ද අද කි්‍රයාත්මක වේ. එවන් ශිෂ්‍යත්ව
පදනම් කිහිපයක් පිළිබඳව මෙහි උපලේඛණය 1 හි දක්වා ඇත. එවන් ශිෂ්‍යත්වයක් ලබාගැනීම තුලින් ඔබේ මූල්‍යමය ගැටලූවලට මද සහනයක් හෝ ලැඛෙනු ඇතැයි සිතිය හැකිය.

මානසික ගැටලූ

පාඩම් කරන ශිෂ්‍යයන් තුල විවිධ වූ මානසික ගැටලූ ඇතිවේ. ඒ සඳහා ඉක්මනින් පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වන අතර නැතහොත් එය අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ හැකිය. කෙතරම් පාඩම් කලත් මතක නොහිටීම, හිත එකඟකර ගැනීමේ අපහසුතා වැනි විවිධාකාරවූ හේතු නිසා අධ්‍යාපනය අඩාල විය හැකිය. එහෙයින් තමන්ට මතු වූ මානසික ගැටලූ පිළිබඳව දැන උගත් අයෙකු ලවා උපදෙස් ලබාගැනීමෙන් එම ගැටලූ වලින් මිදිය යුතුය. මේ සඳහා ගුරුවරු, පූජ්‍ය පක‍ෂය, මනෝ වෛද්‍යවරු, මනෝ චිකිත්සකවරු සුදුසු බව
කිව හැකිය.

සමහර ශිෂ්‍යයන් පාසල් ව්යේදීම මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි භාවිතයට යොමුවී ඇති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. ටියුෂන් පංති ගොස් විවේකයේදී අවන්හල් තුලටවී සිගරට් බොන අය නම් කොතෙක්ද?
එහෙයින් එසේ දුර්ක්‍රියා සඳහා ඇබ්බැහිවී සිටින වුනු ඉන් මිදීමට අදිටන් කල යුතුය. එසේ මත්ද්‍රව්‍ය මත්පැන් සඳහා ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අපහසු නම් ඒ සඳහා උපකාරි කිරීමටද විවිධ සංවිධාන පවතී. ඒවායින් සමහරක් පිළිබඳව මෙහි අවසානයට උපලේඛන 4 යටතේ දක්වා ඇත. එමෙන්ම ඔබට ඒ සඳහා ගුරුවරු, දෙමාපියන් මගින්ද  උපදෙස් ලබාගත හැකිය.

මෙසේ දුර්ක්‍රියා  සඳහා යොමුවීම නිසා එය අධ්‍යාපනයට පමණක් නොව අනාගත ජීවිතයටද අහිතකර ලෙස බලපායි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, මගින් ස්මරණ ශක්තිය හීන කරන නිසා මධ්‍යසාර භාවිතය අධ්‍යාපනයට පමණක් නොව තමන්ගේ අනාගත ජීවිතයට අහිතරක ලෙස බලපායි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය මගින් ස්මරණ ශක්තිය හීන කරන නිසා මධ්‍යසාර පානය අධ්‍යාපනයට ඍණාත්මකව බලපාන බව කිව යුතුය.

18. විභාගය බාහිර ක්‍රියාකාරකම් හා ප්‍රේමය

March 30, 2012
විෂය සමගාමි බාහිර ක්‍රියාකරකම් වල නිරතවීම ඔබට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට හේතු වෙයි. එහෙත් බාහිර ක්‍රියාකරකම් සඳහාද සැලකිය යුතු කාලයක් වැයකිරීමට සිදුවන නිසා එය විභාග ප්‍රතිඵලයට සෘණාත්මක බලපෑමක් ද එල්ල කළහැකිය.බොහෝ දෙනෙකුගේ ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කරන්නේ විභාග ප්‍රතිඵලය මිස බාහිර ක්‍රියාකරකම් වලින් ලබාගන්නා වූ ප්‍රතිඵලය නොවේ. එහෙයින් විභාගයට මුල්තැන දී කටයුතු කළ යුතුය. විභාගය ආසන්න වන විට බාහිර ක්‍රියාකරකම් හැකි තරම් දුරට අවම කළ යුතුය. විභාගය ඉහළින් සමත්වී ඉහළ තත්ත්වයේ රැකියාවක් ලබා අනාගතයේ ලබන තෘප්තිය ගැන සිතා වර්තමාන කාලය අධ්‍යාපනයට කැප කරන්න.

පාසැල් ප්‍රේමය

උප්පත්තියේ සිට මරණය දක්වාම අප ප්‍රේම කරමු. තම මවට ප්‍රේම අප පසුව පියා, නෑදෑයන්ට ආදරය කරයි. එයින් ඔබ්බට යද්දී ඔහු විවිධ වූ ජීවි අජීවී දේ සඳහා ආදරය කරයි. එමෙන්ම අප මෙම ආදරය නිසාම පිඩාවටද පත්වේ. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රේමතී ජායතී ශෝකෝ ප්‍රේමතී ජායතී භයං ලෙසද දේශනා කළේ මෙයයි. අසල් වැසියාට මෙන්ම සතුරටන්ටද ප්‍රේම කරන ලෙස ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළේ ප්‍රේමයේ ඇති වටිනාකම හා ඉන් ජීවිතයට අත්වන ප්‍රයෝජනය සඳහා විය යුතුය.

අප ජීවිතයේදී විවිධාකාර ලෙස ජීවි අජීවි දෙයට කරන්නා වූ ප්‍රේමයන් අතර ආන්දෝලනාත්මක ප්‍රේමය නම් පාසල් ප්‍රේමයයි. සමහරක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙය අනුමත කළත් වැඩිහිටියන්ගේ මතය එය අනවශ්‍ය දෙයක් බවයි. පාසල් ශිෂ්‍යයන් සමහරක් මිනී මරුවන් බවට පත්කරමින්ද තවත් පිරිසකගේ ජීවිත අඳුරු කිරීමට ද මෙය හේතු වේ. පාසල් කාලය තුළ ප්‍රේම සම්බන්ධතාවලට යොමු වූ විට සිතට ස්වභාවික සංසිද්ධියකි. එහෙත් එම කාලය තුළ ප්‍රේම සම්බන්ධතාවලට යොමු වූ විට බොහෝ වැඩිහිටියෝ දකින්නේ බරපතල වරදක් ලෙසය.

 ඔවුන් සමහරක් එසේ දකින්නේ ඔවුන්ගේ පාසල් කාලය අමතක කිරීමෙනි. සමහර විට දෙමාපියන් එම කාලය වන විට විවාහ දිවියට ඇතුළත් වී සිටියාද විය හැකිය. පාසල් වියේ ප්‍රේම සම්බන්ධාවලට යොමු වීම වරක් නොවූවද සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම සම්බන්ධතා පවත්වාගෙන යන ආකාරය නිසා බොහෝ දෙනා මෙම සම්බන්ධතා හෙළා දැකීමට හුරුවී ඇත. එමෙන්ම බොහෝ දෙමාපියන්ගේ අදහස වී ඇත්තේ පාසල් කාලය තුළ කළ යුතු එකම දෙය වන්නේ හොඳින් ඉගෙන ගෙන විභාග සමත්වීම පමණි. ඉගෙනුම ලබන සියල්ලන්ගේම මූලික අරමුණ විය යුත්තේ හොඳින් ඉගෙනීමය. නමුත් එයට බාධාවක් නොවන ලෙසට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගන්නේ නම් එහි වරදක් නැති බව කිව හැකිය. එහෙත් බොහෝ දෙනා ඉගෙනුම ලබන අතරම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන දෙකම කඩාකප්පල් කර ගනී.

එමෙන්ම එසේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගනී නම් එය අධ්‍යාපන ජීවිතයේ යහපත් වර්ධනයකට හේතුවන ලෙස යොදා ගත යුතුය. පෙම්වතිය සමග විෂය කරුණු සාකච්ඡා කිරීම, බාහිර පොත්පත් හුවමාරු කරගෙන ඒවා පරිශීලනය කිරීම ඊට හොඳ ක්‍රමවේදයක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම සමාජය පාසල් ප්‍රේම සම්බන්ධතා ලෙස වපර ඇසින් බැලීමට පුරුදුවී ඇත්තේ ඒවායේ නිරත වෙන්නන් බොහෝ විට අධ්‍යාපන අතින් අසාර්ථක වීම මෙන්ම ඔවුන්ගේ අවනීත හැසිරීම් නිසාය. එහෙත් පන්ති මගහරවා ගනිමින් අයාලේ යන සමහරක් අය තම පාසල් පෙම්වතිය නිසා යහමඟට වැටී අඳුරෙන් එළියට පැමිණ ඇති බවද අප අමතක නොකළ යුතුය.

එහෙත් තමාගේ අනාගත තත්වය ගැන නොදැන තමන්ට ගැළපෙන අනාගත තත්වය ගැන නොදැන තමන්ට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක් පාසැල් කාලයේදී තීරණය කිරීම අනුචිත ක්‍රියාවකි. උදාහරණයක් ලෙස පාසැල් කාලයේ ප්‍රේමයට මුල පිරු දෙදෙනෙකුගෙන් එක් අයෙක් අනාගතයේ ඉංජිනේරුවරයෙකු ද අනෙක් පාර්ශවය ඊට පහළ මට්ටමක රැකියාවකටද යොමු වුවහොත් ඔවුන් දෙදෙනාගේ ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි.